Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
15
"ඒ හැමදේම අතහැරලා මම මහත්තයා එක්ක කැනඩාවට ගියේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න.." - නීටා ප්‍රනාන්දු - Photos

- "ඒ හැමදේම අතහැරලා මම මහත්තයා එක්ක කැනඩාවට ගියේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න.." - නීටා ප්‍රනාන්දු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"ඒ ආදරය දෙවැනි ආදරය වුණා. එයා මට ගොඩක් ආදරය කළා..."

"පුදුමාකාර විදිහට ආදරය කළා, එයා නැතිවෙලා දැන් අවුරුදු දාහතක් වෙනවා.."

මම කටුනේරිය ගෙදරට හරි කැමතියි. මගේ අම්මා අවසන් වතාවට ජීවත් වුණේ ඒ ගෙදරයි. ඒ නිසා ඒ ගම, ගෙදරට මම හරි ආසයි. එතන හරි නිදහස්. ඒ නිදහසට මම හරිම කැමතියි. ඉස්සරනම් පුත්තලම් පාරෙන් හැරුණ ගමන් පොඩි පාරවල්වලින් තමයි ගෙවල්වලට යන්න තිබුණේ. දැන් එහෙම නැහැ. දැන් හුඟක් දියුණු වෙලා. ඒ වුණාට තාමත් අපේ ඒ පරිසරය වෙනස්වෙලා නැහැ. අපේ ගේ තවමත් ගස් කොළං එක්ක තමයි තියෙන්නේ. ඒ පැත්තෙත් දැන් ටිකින් ටික සිමෙන්ති වනාන්තර හැදීගෙන එනවා. හැබැයි තාමත් අපේ වත්තේ දිවුල් ගස්, පේර ගස්, නමිනං ගස්, අඹ ගස් තියෙනවා. ඒ ගසුත් එක්ක ගෙවන ජීවිතයට මම හරි ආසයි.


ඉතින් කටුනේරිය ගෙදර ගිහින් ඔබ කරන්නේ මොනවද?
මට කරන්න බොහෝ දේවල් තියෙනවා. අවුරුදු විස්සක් විතර දැන් ඒ ගෙදර පරණයි. අම්මා ජීවත්ව ඉන්නකල් අපි ඒ ගෙදර ලොකු අලුත්වැඩියාවක් කළේ නැහැ. ඉතින් මේ දවස්වල මම ඒවා අලුත්වැඩියා කරනවා. ඒ දේවල් කරන අතරතුරේ මම ඒ ස්වභාවදහමටත් හරි කැමතියි. මම කොහොමත් උදේ පාන්දර පහහමාර වෙද්දී නැගිටිනවා. මට කටුනේරිය ගෙදර ලොකු බල්ලෙක් ඉන්නවා. එයාගේ නම කුකී. ඉතින්.. එයත් එක්ක තමයි මම වත්තට යන්නේ. මම ඉඩ ලැබෙන හැම දවසකම උදේ හයහමාරේ පූජාවට පල්ලියට යනවා. ඒ ගිහින් ඇවිත් වත්තට බැස්සට පස්සේ ඉතින් පැය තුනක් විතර මම ඉන්නේ වත්තේම තමයි. මම මල් වවනවා. පලතුරු වවනවා. මේ දවස්වල මගේ ආසම වගාව තමයි ඕකිඩ් වගාව. ඉතින් වැඩිපුරම කාලයක් ඕකිඩ් වගාවට යොදවනවා. කවදාවත් මම මල් ඇවිත් තියෙන පැල ගන්නෙනම් නැහැ. මම මුලින්ම ගන්නේ පුංචිම පැලයක්. ඒ පැලය අරගෙන ඒක ලොකු වෙනවා දකිනකොට මම ලොකු සතුටක් ලබනවා. ඒකෙන් මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මම මේ ගහකොළට සතුන්ට හරි ආදරෙයි. වත්තට ගියාම මට වැඩ ගොඩයි.

පෞද්ගලික ජීවිතේ වැඩකටයුතුවලට අමතරව ඔබ මේ දිනවල නියැලුණ කලා කටයුතු මොනවද?
මගේ චිත්‍රපට තුනක් තිරගත වෙන්නට තියෙනවා. තේජා කියන චිත්‍රපටයත්, සංජය නිර්මාල්ගේ ස්වර චිත්‍රපටයත්, විසාකේසගේ පංශු චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. ස්වර චිත්‍රපටය අපේ නිෂ්පාදනයක්. හැබැයි දැන් මේ කලාවේ තියෙන ප්‍රශ්නත් එක්ක කවදා තිරගතවේදෝ කියන දෙගිඩියාවෙන් තමයි ඉන්නේ. අපිට හොඳ නිර්මාණ කරලා පෙන්නගන්න විදිහක් නැතිව බලාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. සිනමාවට අසාධාරණයක් තමයි දැනට වෙලා තියෙන්නේ. පෝලිම් පැනගෙන ගිහින් නිර්මාණ පෙන්නන්නේ කොහොමද කියලා මටනම් තේරෙන්නේ නැහැ. කොහොම නමුත් බලපෑම්වලට යට වෙලා තමයි දැන් ඉහළ නිලධාරීන් ක්‍රියා කරන්නේ. ලංකාවේ තරම් බලපෑම්වලට යටවන මිනිස්සු පිරිසක් මම කොහේවත් දැකලා නැහැ. දේශපාලන බලපෑම් සහ ලොකු මිනිසුන්ගේ තියන මාෆියා බලපෑම් මේ රටේ හැම පැත්තෙන්ම තියෙනවා. ලෝකේ මොන රටකට හරි බලපෑම් සහ අයුතු විදිහට ප්‍රයෝජනය ගැනීම සම්බන්ධව ඉගෙන්ගන්න ඕනේ නම් ඒකට හොඳම රට ලංකාව තමයි. මම ලංකාවෙන් පිට ඉඳගෙනත් මේ කලාව නිසාම තමයි මමයි මගේ මහත්තයයි හුඟාක් ආදරෙන් ලංකාවට ආවේ. මනුස්සකමට සාධාරණය ඉෂ්ඨ කරන හොඳම රටක් තමයි කැනඩාව කියන්නේ. අයිතිවාසිකම් ගැන අකුරටම පිළිපදින, සාධාරණය ඉෂ්ඨ කරන කැනඩාව වගේ රටක් දාලා අපි ලංකාවට ආවේ මේ රටට තියෙන ආදරය නිසාමයි. ඒ රටේ සීතල කාලේට සීතලේ වැඩකරගෙන මහන්සියෙන් හම්බකරගත්තු මුදල් අරගෙන ලංකාවට ඇවිත් නිර්මාණ කළේ මේ රටට ආදරේ නිසාමයි. ඒකෙන් අපි මේ රටේ කීදෙනෙක්ට රස්සාවල් දීලා තියෙනවාද? කීදෙනෙක් අදටත් අපෙන් යැපෙනවද? මගේ මව් රට තමයි මේක. ඒ වගේම දෙවැනි රට කැනඩාවයි. ඒ තරමටම මම කැනඩාවට ආදරෙයි.

වසර ගණනාවක් කැනඩාවේ පදිංචි වෙලා හිටිය නීටා ලංකාවට ආවෙත් සිනමාව නිසාම නේද?
ඔව්... ලංකාවට එන්න හේතු දෙකක්ම බලපෑවා. ඒ තමයි සිනමාව වගේම මගේ අම්මා. මගේ මහත්තයා මාව මේ රටෙන් කැනඩාවට ගෙනිච්චේ මම සිනමාවේ ඉහළම තැනක ඉන්න වෙලාවේ. එතකොට මම චිත්‍රපට හතළිහක විතර රඟපාලා තිබුණා. ඒකේ ප්‍රධානම චිත්‍රපටයක් තමයි දුහුලු මලක් චිත්‍රපටය. ඒක මගේ ජීවිතේ එක්තරා සංධිස්ථානයක් වුණා. ඒ වගේම ලසඳා, හදවත් නැත්තෝ^, මංගලා, ශාන්ති වගේ වාණිජ සහ කලාත්මක චිත්‍රපටවලට මම සහභාගී වුණා. ඒ අත්දැකීම් තියෙද්දී ඒ හැමදේම අතහැරලා මම මහත්තයා එක්ක කැනඩාවට ගියේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නයි. එයාට මම එනවා කියලා පොරොන්දුවක් දීලයි තිබුණේ. එයාගේ නම ඊලියන් පෙරේරා. එයා මගෙන් මේ චිත්‍රපට ලෝකය අතහැරලා එයා ගාවට එනවා කියලා පොරොන්දුවක් ගත්තා. මම ඒකට කැමති වුණා. මගේ පොරොන්දුව මම ඉෂ්ඨ කළා. සිනමාවට තියෙන ආදරය දෙවැනි ආදරය වුණා. එයා මට ගොඩක් ආදරය කළා. අද මම මේ විදිහට ශක්තිමත් ගැහැනියක් විදිහට ඉන්නේ එයාගේ ඒ හයිය නිසාමයි. එයා මට ආදරය පෙන්නුව විදිහට මට ඒකට අකමැති වෙන්න හිතුණේ නැහැ.

ඔබ කළ ඒ පරිත්‍යාගයට ඔබේ සැමියා ලොකු තෑග්ගක් ඔබට ලබා දුන්නා නේද?
ඔව්. ඇත්තමයි. ඒ තමයි මගේ සිනමාවේ දෙවැනි ගමන. ඒක මට ලබලා දුන්නේ මගේ ආදර සැමියා. ඒ පවුරු වළලු චිත්‍රපටය තුළිනුයි. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඊලියන්. අවුරුදු දහඅටක් විතර මම ජීවත් වුණේ කැනඩාවේ.

කැනඩාවේ ඔබ රැකියාවක් කළාද?
ඔව්... කැනඩාවේ රෝහලක එක්ස් රේ අංශයේ පිළිගැනීමේ නිලධාරිනියක විදිහට මම මුලින්ම වැඩ කළා. අවුරුදු හතරකට විතර පස්සේ මම එතන සුපවයිසර් තනතුර ලැබුවා. ඒ ලබපු අත්දැකීම් වෙනම දෙයක්. මුලදී කැනඩාවේ ඒ කවුරුවත් මම නිළියක් කියලා දැනගෙන හිටියේ නැහැ. මම කිව්වෙත් නැහැ. මාත් එක්ක වැඩ කරන, මාව රැකියාවට දාපු කෙනා විතරයි මුලදී දැනගෙන හිටියේ. මම රැකියාවට සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවෙත් ඒ අය මම මොනවද කරලා තියෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවෙත් මම කිව්වේ චිත්‍රපට චිත්‍රාගාරයක දුරකථන ක්‍රියාකරවන්නියක් විදිහට වැඩ කළා කියලයි. ඉතින් මට රස්සාව දුන්නා. ඒ රෝහලේ වෙනත් රටවල්වලින් ආපු අය එකට වැඩ කළා. ඒකත් වෙනමම අත්දැකීමක්.

කැනඩාවේ රැකියාව කරමින් හිටපු නීටා ලංකාවට එනවට ඊලියන් කැමති වුණා?
ඔව්. එයා තමයි කිව්වේ දැන් ලංකාවට යමු කියලා. එයාට හිතෙන්න ඇති එයා වැරැද්දක් කළේ කියලා. ලොකුවට හැදුණු ගහක් උදුරලා ගත්තු එක ගැන එයා දුක් වුණා. ලංකාවේදි මට චිත්‍රපට 13කට ආරාධනා ලැබුණා. නමුත් කැනඩා ගමන නිසා ඒ එකක්වත් මම බාරගත්තේ නැහැ. ඒ හැම දෙයක්ම ඊලියන් දැනගෙන හිටියා. ඒ නිසාම පවුරු වළලු චිත්‍රපටය මට එයා ලබලා දුන්නා. ඒකෙන් මට ජත්‍යන්තර සම්මාන ලැබුණා. මාව කැනඩාවට අරගෙන ගිය එක ගැන එයා දුක් වුණත් පවුරු වළලු චිත්‍රපටයෙන් මට සම්මාන ලැබෙද්දි එයා ඒ හැම දෙයක්ම දැක්කා. ඒ ගැන එයා ගොඩක් සතුටු වුණා. එයා නැති වුණේ පැලවත්ත අපේ ගෙදරමයි. දවසක් උදේ බලද්දි එයා අවදි වුණේ නැහැ. නින්දෙන්ම එයාට ඇතිවුණ හෘදයාබාධයක් නිසා එයා මාව දාලා ගියා. හැබැයි එයා මට දීපු ශක්තිය තමයි අදටත් මම ළඟ තියෙන්නේ. එයා ළඟදී මම ළමයෙක් වුණා. මට එයා හරි ආදරෙයි. මාව හරි ආදරෙන් එයා පරිස්සම් කළා. එයා නැතිවෙලා දැන් අවුරුදු දාහතක් වෙනවා. ඒ අතරතුර අපි චිත්‍රපට කිහිපයක් කළා.

ඔබ පුංචි කාලේ හීන දැක්කේ නිළියක් වෙන්නද?
නැහැ. මට ඕන වුණේ නැටුම් ගුරුවරියක් වෙන්නයි. මම අවුරුදු දොළහේදී උඩරට නැටුම් පන්තියකටත් ගියා. අවුරුදු හතරක් විතර ගියා. වන්නම් කිහිපයක් ඉගෙනගත්තා. ඔය අතරේ රඟපාන්න අවස්ථාව ලැබුණා. හැබැයි අම්මානම් මම රඟපානවට මුලදී පොඩ්ඩක් කැමති වුණේ නැහැ. තාත්තා නම් මට ලොකු සහයෝගයක් දුන්නා. මුලදී තාත්තා එකකට විතරයි කැමැත්ත දුන්නේ. ඒ කැමැත්ත නිසාම තාමත් මම රඟපානවා.

මුලින්ම අපිට කියන්නකෝ මේ දිනවල මොකද කරන්නේ කියලා?
මේ දවස්වල මම වැඩිපුරම කාලය ගතකරන්නේ මගේ පෞද්ගලික ජීවිතේ වැඩත් එක්කම තමයි. මම පදිංචි වෙලා ඉන්නේ පැලවත්තේ වුණාට මට කටුනේරියෙත් ගෙයක් තියෙනවා. මගේ අම්මා මීට අවුරුදු එකහමාරකට විතර උඩදී මියගියා. අම්මා හිටියේ මාත් එක්ක. මගේ පවුලේ හතර දෙනයි. මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙකුයි, නංගි කෙ‍ෙනකුයි ඉන්නවා. මල්ලිලා දෙන්නම ඉන්නේ විදෙස් ගතවෙලා. පවුලේ වැඩිමලා හැටියට මට අම්මා වෙනුවෙන් වගකීම් තිබුණා. ඒ වගකීම් මම හරිම ආසාවෙන් කළා. ඒ නිසා කටුනේරිය වගේම පැලවත්තෙත් හිටියා. ඉතින් අම්මා නැතිවුණාට පස්සේ මට කටුනේරිය ගෙදර ගොඩක් වගකීම් බාරගන්න වුණා.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top