Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
ඉන්දියාව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයකට මුහුණ දෙයි, එංගලන්තය හමුවේ ලැජ්ජාසහගත පරාජයක් -Video

- ඉන්දියාව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයකට මුහුණ දෙයි, එංගලන්තය හමුවේ ලැජ්ජාසහගත පරාජයක් -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

ඇන්ඩර්සන් හොදම වේග පන්දු යවන්නා බවට පත්වෙයි
කුක්ට රසවත් සමුගැනීමේ සාදයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය. කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 118 කින් එංගලන්තය ජය ගත්තේය.

තේ පානය සහ තරගය නිමාවන තෙක් කාළය තුල ඕවර 33 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹායෑමට ඉන්දීය පිතිකරුවන් උත්සහ ගත්තද ලෝකේෂ් රාහුල සහ සහ රිෂාබ් පාන්ට් දැවීයාමත් සමගින් ඔවුන් එම අදහස් අතහැර දැමූහ.

තේ පානයෙන් පසුව පන්දුවට අතට ගත් අදිල් රෂීඞ් එංගලන්ත කණ්ඩායමට මහත් හිසරදයක්වූ ලෝකේෂ් රාහුල් ලකුණු 149 ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ අතර ඉන් නොනැවතුණු ඔහූ ලකුණු 114 ක් ලබාසිටි රිෂාබ් පාන්ට්ගේ කඩුල්ලද දවාගැනීමට සමත්විය.


ලකුණු 121 කට කඩුලු 5 ක් දැවී පරාජයට අතවනමින් සිටි ඉන්දීය කණ්ඩායමට නව බලාපොරොත්තුවක් ගෙනදෙමින් ලෝකේෂ් රාහුල් සහ රිෂාබ් පාන්ට් හයවැනි කඩුල්ලට ලකුණු 204 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ලෝකේෂ් රාහුල් පස්වැනි ටෙස්ට් ශතකය ලබාගන්නා විට මංගල ටෙස්ට් ශතකය හිමිකර ගැනීමට රිෂාබ් පාන්ට් ඊයේ සමත්විය.

ආරම්භයේදීම ලකුණු 2 කට කඩුලු 3 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන්ට තරජනයක් එල්ල කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඉන් නොසැලුණු ලෝකේෂ් රාහුල් සහ අජින්ක්‍යා රහනේ එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම දමා දුන්හ.

තරගය ජයගැනීමට හෝ තරගය විසදුමකින් තොරව අවසන් කරගැනීම සඳහා අවශ්‍ය පදනම දැමූ ලෝකේෂ් රාහුල් සහ රිෂාබ් පාන්ට් අවසන් මොහොත දක්වා සටනක නිරත වුවද පසුපෙළ පිතිකරුවන්ට එය සාර්ථකව අවසන් කරගැනීමට නොහැකිවූහ.
ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 20 ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. අදිල් රෂීඞ් සහ සෑම් කරන් අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ජේම්ස් ඇන්ඩර්සන්ට එක් කඩුල්ලක් හිමිවිය.

ග්ලෙන් මැක්ග්‍රාත් කඩුලු 563 ක් ලබාගනිමින් වේගපන්දු යවන්නකු විසින් දවාගනිමින් තබා තිබූ ඉහළම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන්ගේ නමින් වාර්තා පොත් අතර සටහන් කරගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය. ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහොමඞ් ශාමී දවාගත් ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 564 ක් සිය නම ඉදිරියෙන් සටහන් කරගත්තේය.

එංගලන්ත පළමු ඉනිම - ඕවර 122 කදී සියලුදෙනා දැවී 332
(ඇලෙස්ටයාර් කුක් 71, කීටන් ජෙනිංග් 23, මුයින් අලී 50, ජොස් බට්ලර් 89, ස්ටුවර්ට් බ්‍රෝඞ් 38, රවින්ද්‍ර ජදේජා 79/4, ඉශාන්ත් ශර්මා 62/3, ජස්ප්‍රීට් බුම්රා 83/3)

ඉන්දීය පළමු ඉනිම - ඕවර 95 කදී සියලුදෙනා දැවී 292
(ලෝකේෂ් රාහුල් 37, චිතේෂ්වර් පුජාරා 37, විරාට් කෝලී 49, හනුමා විහාරී 56, රවින්ද්‍ර ජදේජා නොදැවී 86)

එංගලන්තය දෙවැනි ඉනිම - ඕවර 112.3 කදී කඩුලු 8 ට 423
(ඇලිස්ටෙයාර් කුක් 147, කීටන් ජෙනින්ංග් 10, මුයින් අලී 20, ජෝ රූට් 125, ජොනී බෙයාර්ස්ටෝ 18, බෙන් ස්ටෝක්ස් 37, සෑම් කරන් 21, අදිල් රෂීඩ් නොදැවී 20, මොහොමඩ් ෂාමි 110/2, රවීන්ද්‍ර ජදේජා 179/3, හනුමන් විහාරි 37/3)

ඉන්දියාව දෙවැනි ඉනිම - ඕවර 94.3 කදී සියලුදෙනා දැවී 345
(ලෝකේෂ් රාහුල් 149, අජින්ක්‍යා රහනේ 37, රිෂාබ් පාන්ට් 114, ජේම්ස් ඇන්ඩසන් 45/3, සෑම් කරන් 23/2, අදිල් රෂීඞ් 63/2



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top