Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
09
"ආදර යෝජනා පෝළිමේ ආපු කාලයක් තිබුණා...හැම වෙලාවෙම වැඩි ඉඩක් වෙන්කරන්න ඕන අපට ලැබෙන දේටනෙ" - රුක්ෂානා දිසානායක - Photos

- "ආදර යෝජනා පෝළිමේ ආපු කාලයක් තිබුණා...හැම වෙලාවෙම වැඩි ඉඩක් වෙන්කරන්න ඕන අපට ලැබෙන දේටනෙ" - රුක්ෂානා දිසානායක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

මට කොතැනකදිවත් බොරුවයි හොරකමයි පේන්න බැහැ...
කටකතාවලින් බය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම..

නව පරපුරේ රසික සිත් දිනාගත් රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක.

කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍ර යේ දිගු ගමනක් ආ රුක්ෂානා එයාගේ අලුත්ම විස්තර සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.


කොහොමද රුක්‍ෂානා ජීවිතේ?

කියන්න තරම් වරදක් නෑ. ඒ වගේම ලොකු හොඳකුත් නෑ. බොහොම සරලව ඔහේ ගලාගෙන යනව. මොනව වුණත් ඒ අතර මම සතුටින්.

මේ දවස්වල නාළිකා බදු අරගෙන වගේ?

එහෙමම නෑ ඉතින් කාලෙකට පස්සෙ වැඩ ඉවර කරල තිබුණු ටෙලි හතරක් විතර එක පාරටම ප්ලේ වෙන්න ගත්ත.

වැඩිපුර කැමති මොන වගේ චරිත වලටද?

එහෙම විශේෂයක් නෑ. ලැබෙන චරිතෙ කළු ද සුදු ද දිග ද කොට ද වගේ වැඩි වං හුං හොයන්නෙ නෑ. ලැබෙන දේ භාර අරගෙන හොඳින් කරන්න තමයි මම කැමති.
 
චරිතයක් භාරගනිද්දි රුක්‍ෂානගෙ කොන්දේසි මොනවගේද?

කොන්දේසි දාල භාරගන්න තරම් චරිත ලැබෙන්නෙ නෑනෙ. ඒ නිසා කොන්දේසි විරහිතයි. අදාළ නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයත් එක්ක ඒ ගැන කතාබහ කරගන්නව.

ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක් වෙන්කරල තියෙන්නෙ සිනමාවට ආරාධනා නැති නිසා නේද?

ඇත්තටම ඔව්. හැම වෙලාවෙම වැඩි ඉඩක් වෙන්කරන්න ඕන අපට ලැබෙන දේටනෙ. මේ වෙනකොට ලැබිල තියෙන්නෙ ටෙලිනාට්‍ය නිසා මම කාලය වෙන්කරල තියෙන්නේ ටෙලිනාට්‍ය වලට. සිනමාවට ආරාධනා ලැබුණ දවසක ඒ සඳහා ඉඩක් වෙන්කරනව. කොහොමටත් ලැබිච්චි නැති දේකට කාට වුණත් වෙලාවක් වෙන්කරන්න බැහැනෙ.

ඔබ නපුරු දඩබ්බර චරිතයක් කියල චෝදනා කළොත්?

මම ඒ චෝදනාව පිළිගන්නවා. දඩබ්බරකම් කෙසේ වෙතත් මම සැබෑ ජීවිතේදී ටිකක් විතර නපුරුයි. රංගන ජීවිතයේදී ඉතින් චරිතෙට ඕන විදියටනෙ අපි හැසිරෙන්නෙ. නපුරුකමක් හිතේ තිබ්බත් කරුණාවන්ත විදියට හැසිරෙනවා. ඒකනෙ රඟපානව කියන්නෙ.

මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ වඩාත් කැමති චරිතය?

මෙහෙමයි මම කරපු චරිතවලින් එකකට වඩා තව එකක් හොඳයි කියල නම් කරන්න බෑ. මොකද ඒ එකක්වත් මම අකමැත්තෙන් කළේ නැහැනෙ. ඒ නිසා ඒ හැම චරිතෙකටම මම කැමතියි.

රුක්‍ෂානා අද දවසේ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්?

රංගන ශිල්පිනියක්ම විතරක් නෙමෙයි නර්ථන ශිල්පිනියක් විදියටත් වැඩ කරගෙන යනවා. ඉදිරියේදී කලා කටයුතුවලට බාධාවක් නොවෙන විදියට බොහෝ දුරට මම රැකියාවකුත් කරයි.

ජනප්‍රිය වීම හිසරදයක් කියල ඔබට දැනිල තියෙනවද?

අනේ මට නම් කවදාවත් එහෙම හිතිල නෑ. ඉදිරියේදී හිතෙන එකකුත් නෑ. මම හරිම කැමතියි ඕනම කෙනෙක් ඇවිල්ල මාත් එක්ක හිනාවෙලා කතාබහ කරනවට.

නව පරපුරේ සැරපරුෂ රංගන ශිල්පිනියක් විදියට ඔබ ප්‍රසිද්ධයි?

ඔය සැරපරුෂ කියල මාව හඳුන්වන්නෙ මොකද දන්නවද මට කොතැනකදිවත් බොරුවයි හොරකමයි පේන්න බැහැ. එවැනි දෙයක් දුටු ගමන් කේන්ති යනවා. ඒ ගැන කතා කළාම බලන් ඉන්න අය අපිව සැරපරුෂයි කියල හඳුන්වනව.

වේදිකාවට ගොඩවෙන්න ඔබේ වැඩි උනන්දුවක් නෑ වගේ?

නැත්තෙ නෑ. මම වේදිකාවෙත් වැඩකරපු කෙනෙක්. ඒත් දැනට තියෙන කාර්ය බහුලත්වය නිසා ආරාධනාවක් ලැබුණත් වේදිකාවට ගොඩවෙන්න බැරිකමයි තියෙන්නෙ. මම වේදිකාවට හරිම ආදරෙයි. ඉදිරියේදී කොහොමහරි වෙලාව වෙන්කරගෙන වේදිකාවට ගොඩවෙනවා.

නර්තනය ජයගත් ශිල්පිනියක් හැටියට රුක්‍ෂානගෙ දැනුම අනාගත පරපුරට දායාද කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇයි නැත්තෙ. මම දැනටමත් ඒ සඳහා යොමුවෙලා ඉවරයි. රුක්‍ෂානා දිසානායක ඇකඩමිය හරහා උසස් පෙළ දක්වා මම නර්තනය උගන්වනවා. ඊට අමතරව මගේම නර්තන කණ්ඩායමකුත් මම හදාගෙන තියෙනවා.

අද තියෙන වෙබ් අඩවි ගැන රුක්‍ෂානට මොකද හිතෙන්නෙ?

කාගෙ හරි ඕපදූපයක් බොරු ආරංචියක් කට කතාවත් මාකට් කරල හිට් වෙන්නනෙ ඕව හැදිල තියෙන්නෙ. අපේ ඉන්න සමහර කට්ටිය තමන්ගෙ දක්‍ෂතා ගැන හැඟීමක් නැතුව මොකක්හරි අමන වැඩක් කරල ගොසිප් එකක් මවාගෙන ඒව ඇතුළෙ වැජඹෙන්න හදනව. ඕව හොඳ ඒ වගේ අයටම තමයි.

යොවුන් වියේ පසුවන දඟකාරියක් හැටියට ඔබ කටකතාවලට බයද?

අයියෝ ඕව මොනවද කවුද ගණන් ගන්නෙ. රුක්‍ෂානා දිසානායක කියන්නෙ කටකතාවලින් බය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.

රූමත් රංගන ශිල්පිනියක් නිසා ආදර යෝජනා පෝළිමේ එනව කියන්නෙ ඇත්තද?

ඔව්. ආදර යෝජනා පෝළිමේ ආපු කාලයක් තිබුණා. හැබැයි ඒ රූමත්කම නිසාවත් රංගන ශිල්පිනියක් නිසාවත් නෙමෙයි මම ගැහැනු ළමයෙක් නිසා. ඒත් දැන් ඒ පෝළිම නැවතිලා මොකද බොහෝ දෙනෙක් දන්නවා මම දැන් පෙම්වතියක් කියල.

-ධම්මික හේවාවසම්-


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top