දෑත් බැඳ පිටෙහි ගලක් වැනි යමක් ගැට ගසා මීගහකිවුල - මීගොල්ල ඔයේ වැලිතොටුපළක ගිල්වා තිබූ පුද්ගල මළ සිරුර පොලීසිය ඊයේ පස්වරුවේ සොයා ගත්තා.
මෙම මළ සිරුර මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි මීගහකිවුල - මොරහෙල - මීගොල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 22 වන දා සිට මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
එම මළ සිරුරේ දෑත් කිසියම් වැල් වර්ගයකින් ගැට ගසා තිබූ අතර, එය වතුරේ පාවීම වැළැක්වීමට පසුපස ප්‍රදේශයට ගලක් වැනි යමක් ගැට ගසා ඇති අයුරු දක්නට ලැබුණු බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
මළ සිරුර ඊයේ පස්වරුවේ මීගොල්ලඔයේ ඉවුර වෙත රැගෙන එන ලද අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.