Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
03
රඟපාන්න අවස්‌ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්‌ටාමි රස්‌සාව - Hiru Golden Film Awards 2014 හොඳම නළුවා කියයි

- රඟපාන්න අවස්‌ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්‌ටාමි රස්‌සාව - Hiru Golden Film Awards 2014 හොඳම නළුවා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views

ජීවිතේ හරි පුදුමාකාරයි මේකට දෛවය කියන්නත් පුළුවන්. මේ කොහොම කිව්වත් නොසිතූ නොපැතූ වෙලාවල්වලදී අපේ ජීවිත එහෙමත් නැතිනම් දෛවය අප වෙනත් මාවත්වලට රැගෙන යනවා.

ඒ මාවතේ වළවල්වල නොවැටී විමසිල්ලෙන් පරිස්‌සමින් ඉදිරියට යන එක තමයි අපිට ලැබිලා තියෙන අභියෝගය. අන්න ඒ විදිහට නොසිතූ මොහොතක හමුවුණූ නුහුරු මාවතක හරිගමනක්‌ ගිය අපේ කොල්ලෙක්‌ අද මුළු රටේම කතාබහට ලක්‌වෙලා තියෙනවා. ඔහු නමින් දර්ශන් ධර්මරාඡ්.

දක්ෂයින් අතරින් විශිෂ්ටයින් පමණක් රනින් අභිශේක ගැන්වුනු  හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ් 2014 හොඳම නළුවා ඔහුයි.



සත්‍ය ප්‍රබන්ධයකටත් වඩා විශ්මිතයි. ඒක තමයි ඇත්ත... ඔව්. දර්ශනගේ ජීවිතයත් ප්‍රබන්ධයකට වඩා විශ්මිතයි. මේ ඒ ජීවන අන්දරයයි.

සම්පූර්ණ නම - ලිංගනාදන් ධර්මරාඡ්

උපන් ගම - රක්‌වාන

අධ්‍යාපනය කොතෙක්‌ දුරට හදාරලා තියෙනවාද?

සාමාන්‍ය පෙළ දක්‌වා

දැනට පදිංචිය - පුංචි බොරැල්ල

රක්‌වානේ ඉඳන් කොළඹ එන්නේ මොකටද?
පුංචි කාලේ පටන් මට නළුවෙක්‌ වීමේ ලොකු ආසාවක්‌ තිබුණා. පාසල් කාලයේ මම වේදිකා නාට්‍ය දෙකක රඟපෑවා. එයින් පසුව මට නළුවෙක්‌ වීමේ ලොකු වුවමනාවක්‌ තිබුණා. ඒ අරමුණ ඉටුකරගන්න තමයි, මම කොළඹට එන්නේ.

ඉතිං ඊට පස්‌සේ...
කොළඹ ඇවිත් මම මුලින්ම කළේ රස්‌සාවක්‌ හොයපු එක. එතැනදී මට අපේ පුංචි බාප්පාගේ ස්‌වර්ණාභරණ වෙළෙඳසලේ රැකියාවක්‌ ලැබෙනවා. මාසයටම මට පඩිය ලැබෙන්නේ රුපියල් තුන්දහස්‌ පන්සීයයි. එතැනින් පසුව මට ආපහු පිටකොටුවේ පෞද්ගලික ආයතනයක රැකියාවක්‌ ලැබෙනවා. ඒ රැකියාවේදීත් මට ලැබෙන්නේ රුපියල් තුන්දහස්‌ පන්සියයක වැටුපක්‌. ඔහොම රැකියාව කරගෙන ඉන්න කොට 1997 අවුරුද්දේ මට චිත්‍රපටයකට ආරාධනාවක්‌ ලැබෙනවා.

ඒ කාගෙන්ද?
දර්ශන් අධක්‍ෂවරයාගේ නම සඳහන් කිරීමට මැලිවෙයි.

යළිත් ඔහුගේ සුපුරුදු කතාවට අවතීර්ණ විය.
මේ ආරාධනාව ලැබුණ ගමන් මම අපේ අම්මටයි, තාත්තටයි කිව්වා මට චිත්‍රපටයකට ආරාධනාවක්‌ ලැබුණා කියලා. කොහොමටත් මට නළුවෙක්‌ වීමේ ආසාවක්‌ තිබුණානේ. ඔවුන් මට ලොකු මුදලක්‌ දෙනවා කිව්ව හින්දා රැකියාවෙන් පවා මම ඉවත්වුණා. මම රඟපානවා බලන්න අපේ අම්මයි, තාත්තයි හරි ආසාවෙන් හිටියේ.

අපි දර්ශනගේ කතාවට බාධාවක්‌ කළෙමු.

අම්මා, තාත්තා මොකද කරන්නේ ?
තාත්තා මඟුල් පෝරු හදනවා. ඒ වගේම රක්‌වාන කෝවිලේ සංස්‌කෘතික වැඩමුළු පවත්වනවා. අම්මා රැකියාවක්‌ කළේ නැහැ.

යළිත් දර්ශන සුපුරුදු හඬ අවදි කළේය.

"මට චිත්‍රපටයේ රඟපාන්න තිබුණ ආසාවට රැකියාවෙන් ඉවත්වුණාට ඒ චිත්‍රපටය රූගත කළේ නැහැ. පසුව මම ආපහු ගෙදර යනවා. නළුවෙක්‌ වෙන්න තිබුණ හීනය බිඳිලා තමයි, මම ගෙදර යන්නේ. ගෙදර ගියා කියලා කරන්න දෙයකුත් නැහැ. ආපහු 1998 දී විතර කොළඹ එනවා. එතැනදී තමයි මට ජීවිතයේ ගොඩක්‌ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියමින් ඔහු දිගු හුස්‌මක්‌ හෙළීය.

"ඒ කාලේ හරියට එල්. ටී. ටී. ඊ. කලබල. හැමතැනම බෝම්බ පුපුරනවා. බස්‌වල යන්න එන්න බැහැ. හැමතැනම හමුදාවෙන්, පොලිසියෙන් මුරපොළවල් යොදලා. රක්‌වානේ ඉඳලා කොළඹට ඒ කාලේ මුරපොළවල් දොළහක්‌ තිබුණා.

එහෙම මුරපොළකදී බැහලා ආපහු බස්‌ එකට නගිද්දී මගේ මුදල් පසුම්බිය කවුදෝ අරගෙන. මට කරකියාගන්න දෙයක්‌ නැහැ. මම දහඅතේ කල්පනා කර කර කොළඹ ආවා. ඒ කාලේ එල්. ටී. ටී. ඊ. කරදර හින්දා කවුරුවත් රස්‌සාවක්‌ දෙන්නෙත් නැහැ. ඒකට ප්‍රධානම හේතුව මගේ හැඳුනුම්පත නැතිවීම. බස්‌එකේදී මුදල් පසුම්බිය හොරාගත්තුවෙලාවේ මගේ හැඳුනුම්පත පවා නැතිවුණා. මට පාරේ බැහැලා යන්න විදිහකුත් නැහැ.

"පිටකොටුවේ හැඳුනුම්පතක්‌ නැතිව කරන්න පුළුවන් එකම රැකියාව තමයි නාට්‌ටාමි වැඩේ. අන්තිමේ මම ඒ රැකියාව කරන්න පටන්ගත්තා.
ඒ දවස්‌වල මම අඩි හතළිහේ කන්ටේනර් පෙට්‌ටිවල තියෙන සුදුළුණු, අල, පොල්තෙල්, කරවල පෙට්‌ටි පිටින් බානවා. ඒ රස්‌සාවෙන් ජීවත්වෙන්න හරි අමාරුයි. ඒක හින්දාම මම තවත් රැකියාවක්‌ හොයා ගත්තා.


ඒ මොකක්‌ද?
පාන්දරට පිටකොටුවේ මාළුකඩේට ගිහින් මාළු පෙට්‌ටි බානවා. ඔය අතරේ අයිස්‌ හොන්ඩර් ලොරියක්‌ තනියෙන් බාපු අවස්‌ථාත් තියෙනවා. එච්චර දෙයක්‌ කරත් හම්බවෙන මුදල මදි. ඒක හින්දා අන්තිමේ ලුණු මුට්‌ට කරගහන රස්‌සාවත් කළා. ඒ රස්‌සාව තමයි එපාවෙන්නෙ. නාටාමි වැඩේ හොඳයි.

ඇයි එහෙම කියන්නේ ?
ලුණු මුට්‌ට කරගහලා මගේ පිටේ ලුණු බැඳිලා දියපට්‌ට පවා ආවා. ඒත් මොනවා කරන්නද පහුවදා උදේ පාන්දර ගිහින් ආපහු සුපුරුදු විදිහට මේ රස්‌සාවම කරනවා.මට මෙහෙම මුට්‌ට කරගන්න ලොකු හේතුවක්‌ තිබුණා.

ඒ මොකක්‌ද?
මගේ පොඩි නංගිට ඒ දවස්‌වල ෆිට්‌ එක හැදිලා නවලෝක රෝහලේ තමයි නැවැත්තුවේ. බෙහෙත්වලට දවසට තුන්දහස්‌ පන්සියයක මුදලක්‌ අවශ්‍ය වෙනවා. ඉතිං ඒ මුදල මම අනිවාර්යයෙන්ම හොයන්න ඕනෑ. කොච්චර මුට්‌ට කරගැසුවත් ඒකාලේ ලොකු මුදලක්‌ ලැබෙන්නේ නැහැ. ඒක හින්දා තමයි පිටකොටුවේ මාළුකඩේ වැඩකළේ. මාළු පෙට්‌ටි, අයිස්‌ හොන්ඩර්, ලුණු මුට්‌ට කරගහපු සල්ලි තමයි නංගිට බෙහෙත් ගන්න දුන්නේ.

නාටාමි වැඩේ කරනවා කියලා අම්මා තාත්තා දන්නවාද?
අපොයි නැහැ. මම දෙමවුපියන්ට කිව්වේ නැහැ පිටකොටුවේ නාටාමි රැකියාව කරනවා කියලා.

නාටාමි වැඩේ කරලා ඇවිත් නිදාගන්නේ කොහෙද?
නාටාමිලාට කොහෙද කාමර ගන්න සල්ලි. පිටකොටුවේ ඉඳන් පයින්ම ආමර්වීදියට එනවා. එතැන තියෙන ලීබඩු සාප්පුවක ලී කපලා ගොඩගහලයි තියෙන්නේ. මම පිටකොටුවෙන් රුපියල් දහයක්‌ දීලා හිස්‌ ලොකු කාඩ්බෝඩ් පෙට්‌ටියක්‌ අරගෙන තමයි එන්නේ. හදිසියේවත් වැස්‌සොත් කියලා හිතලා රුපියල් තුනක්‌ දීලා පොලිතින් මීටරයක්‌ අරගෙන එනවා.

එතකොට රාත්‍රි ආහාරය නැතිද?
තියෙනවා. සල්ලි ඉතුරු කරගන්න ඕනෑහින්දා රුපියල් හයක්‌ දීලා ආනමාළු කෙසෙල් ගෙඩියයි, මාරි බිස්‌කට්‌ පැකට්‌ එකයි අරගෙන කනවා. ඒක කාලා අරගෙන ආපු කාඩ්බෝඩ් පෙට්‌ටිය ඇතුළට රිංගලා නිදාගන්නවා. පොලිතින් මීටරය කාඩ්බෝඩ් පෙට්‌ටිය උඩින් දාගන්නවා හදිසියේවත් වැස්‌සොත් කියලා.

එතකොට රඟපාන ආසාව අතහැරියාද?
අපොයි නැහැ. මම හරියට ඉන්ටර්වීව් යනවා. රඟපාන්න අවස්‌ථාවක්‌ උදාකරගන්න එක කොහොමත් අතහැරියේ නැහැ. ඔයා දන්නවාද ? මම නාටාමි වැඩේ කරලා රුපියල් දොළහකට පොඩි කණ්‌නාඩියක්‌ ගත්තා. ඒක දිහා බලාගෙන මම තනියෙම මොනවා හරි දෙබස්‌ කියව කියව රඟපෑවා.

අපි අතරෙත් විවිධ නාටාමිලා හිටියා. අපිත් එක්‌ක හිටියා හරියට මත්පැන් පානය කරන කෙනෙක්‌. එයාට අක්‌මාවේ සැත්කමක්‌ කරන්න සිද්ධවුණා. එදාම අපේ නංගිටත් සැත්කමක්‌ කරන්නයි හිටියෙ. මේ නාටාමි හොඳටම අසරණ වෙලා මා ළඟට ඇවිත් මෙලෙස පැවසුවා.

උඹ ළඟ තියෙනවා නම් මට සල්ලි කීයක්‌ හරි දෙන්න පුළුවන්ද?.

ඒ මොකද ?

මගේ අක්‌මාවේ සැත්කම කරන්න සල්ලි මදිවෙලා තියෙනවා.

මමත් නාටාමි වැඩේ කරලා එකතු කරගත්තු රුපියල් නවදහස්‌ හාරසිය හැටක්‌ තිබුණා. මට මේ නාටාමිගේ කතාව අහලා දුක හිතිලා නංගිගේ සැත්කමට දෙන්න තිබුණ මුදල ඔහුට ලබාදුන්නා.

දර්ශනගේ මුවින් එවැනි වදන් පිටවෙන අතරේ මෙලෙස පැවසුවා.
ඔයා දන්නවාද?
අද වෙනකොට ඒ නාටාමි පිටකොටුව පළමු හරස්‌ වීදියේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයෙක්‌.

ඔහු ඔබට කතා කරනවාද?
අපොයි ඔව්. මම සමහර වෙලාවට ඔහුගෙන් ඇඳුම් ගන්න ගියහම මුදල් ගන්නෙත් නැහැ. එම ව්‍යාපාරිකයාගේ කිසිම දේවරූපයක්‌, බුදු රූපයක්‌ නැහැ.

ඔහු සිංහලයෙක්‌ද?
ඔව්. මේ ව්‍යාපාරිකයා හොඳ සිංහල බෞද්ධයෙක්‌. ඔහුගේ ව්‍යාපාරයේ තියෙන්නේ මගේ රූපය විතරයි. ඔහු මගේ රූපයට වඳිනවා කියලයි කියන්නේ. ඒ වෙන හේතුවක්‌ නිසා නොවේ. ඔහුගේ ජීවිතය වෙනස්‌ කළේ මම කියලා විශ්වාසයක්‌ තියෙනවා.

නාටාමි වැඩේ කරද්දී ගැටුම්වලට එහෙම මුහුණදෙන්න වුණේ නැතිද?
අපොයි නැහැ. අපි අතරේ හිටපු පිරිස එහෙහ රණ්‌ඩුසරුවල් කරන්නේ නැහැ. මාත් එක්‌ක කවුරු හරි රණ්‌ඩුවට පැටලෙන්න ආවොත් මමත් ලෙහෙසියෙන් අතහරින්නේ නැහැ.
ඔය අතරේ 1999 වසරේ මම කොළඹ ඇවිත් කරපු දෙවැනි රැකියාව නැවත ලැබෙනවා. එතැනදී මට සිංහල, දමිළ, මුස්‌ලිම් ජාතික මිතුරන් ගොඩක්‌ ඇසුරු කරන්න ලැබුණා. එහෙම ඇසුරු කරපු කාලේ දවසක්‌ වත්තල මිතුරෙකුගේ ගෙදර නත්තල් සාදයකට සහභාගිවෙන්න සිද්ධවුණා.

එතැනදී ඔහුගේ නිවසේ තිබුණ රූපවාහිනියක දැන්වීමක්‌ පළවුණා ඒ නව්‍ය සිනමා නිර්මාණය සඳහා නවක නළු නිළියන් සඳහා සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වනවා කියලා.

ඔබේ නිවසේ රූපවාහිනියක්‌ තිබුණේ නැතිද?
අපේ ගෙදරට රූපවාහිනියක්‌ තිබුණේ නැහැ.

යළිත් දර්ශනගේ හඬ අවදි වෙයි.

මේ සම්මුඛ පරීක්‍ෂණයට 108 දෙනෙකු සහභාගි වුණා.

මොනවාද සම්මුඛ පරීක්‍ෂණයේදී ඇසුවේ?
මගේ විස්‌තර අහලා ඇසුවා අඩි විස්‌සක ගොඩනැගිල්ලක ඉඳන් බිමට පනින්න පුළුවන්ද කියලා. මම කිව්වා තැන පෙන්වන්න මම පනින්නම් කියලා. සම්මුඛ පරීක්‍ෂණයේදී මාව තේරුවේ සිඩ්නි චන්ද්‍රසේකර. අන්තිමේ මම ඒ නවය චිත්‍රපටයෙ රඟපෑවා. එදා සිඩ්නි කිව්වා දර්ශන ලංකාවේ හොඳ නළුවෙක්‌ වේවි කියලා. ඔහොම හොඳට වැඩකරන්න කියලා.
ඔහු තමයි මගේ නම දර්ශන ධර්මරාඡ් කියලා යෙදුවේ.

එතකොට රැකියාවෙන් ඉවත්වුණාද?
ඔව්. මම රැකියාවෙන් ඉවත් වුණා. මොකද රස්‌සාවක්‌ කරන ගමන් මේ වැඩේ කරන්න බැහැනේ.

දමිළ වීම නිසා ප්‍රශ්න තිබුණේ නැතිද?
ප්‍රශ්න නම් එමට තිබුණා. වතුකරයේ ඉඳලා එන බස්‌ හමුදාවෙන්, පොලිසියෙන් මුරපොළවලදී සෝදිසි කරද්දී මට ප්‍රශ්න එවනවා. හැබැයි මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. මොකද ඒකෙන් ජනතාවට වෙන්නේ හොඳක්‌නේ. ඔවුන් රාජකාරිය කළ යුතුයි.

ඔය අතරේ මම 2006 වසරේ ප්‍රභාකරන් චිත්‍රපටයෙ රඟපාලා ප්‍රදර්ශනය වෙනකොට මට දුරකථන ඇමතුමක්‌ ලැබුණා.
අපි මේ ටෙලිනාට්‍යවටල සම්බන්ධ ආයතනයකින් කතා කරන්නේ කියලා මගේ විස්‌තර ගොඩක්‌ ඇසුවා. පසුව මට කීවා මම යාපනයෙන් කතා කරන්නේ, ඔයා එල්. ටී. ටී. ඊ. පෙනුම දාගෙන රඟපෑවට ගැටලුවක්‌ නැහැ. අපේ චරිත ඝාතනය කරන්න එපා කියලා. අපිත් කලාව ගැන හොඳට දන්නවා කියලත් මට පැවසුවා. අන්තිමේ දී රඟපෑම අතහරින්න කියලා දුරකථනය විසන්ධි කළා. හැබැයි අද වෙනකොට මට හිතෙනවා ඒ කතා කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන්ද කියලත්.

ඔය අතර මම ආපහු සුපුරුදු රැකියාව කරන්න පටන්ගත්තා.

මොකක්‌ද ? නාටාමි වැඩේද?
ඔව්. මම ඒ රැකියාව අතහැරියේ ගොඩක්‌ කාලයකට පසුවයි. දවසක්‌ ආදුරුප්පුවීදියේ රාත්‍රියේ සිටින විට මුහුණු ආවරණය කරගෙන යතුරුපැදිවලින් ආපු පිරිසක්‌ මට හිස්‌ වීදුරු බෝතල්වලින් මුහුණට ගැසුවා. මම හිතුවේ මාව මරන්න හදනවා කියලා. මරණ බියේ අන්තිමේ මම ඉන්දියාවට ගියා.

ආපහු ලංකාවට පැමිණියේ කවදාද?
මට වර්ෂය හරියටම කියන්න මතක නැහැ. අවුරුදු තුනකින් විතර තමයි පැමිණියේ. ඒ ඇවිත් ආපහු මම සිනමාවේ වැඩ කරන්න පටන්ගත්තා. මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒක හින්දා මම ඇඳපු ඩ්‍රෝවින් බම්බලපිටියේ මැජෙස්‌ටික්‌ ශාලාව ඉදිරිපිට විකුණුවා.

හැබැයි මට ඉන්දියාවේ ගිහින් ආවට පසුව කොළඹ නවතින්න තැනක්‌ තිබුණේ නැහැ. ඉෂාන් ගම්මුදලි කියන රංගන ශිල්පියා තමයි මට නවාතැන් දුන්නේ. ඉෂාන්ගේ මව මට උදේට හදලාගෙන බත් පැකැට්‌ටුවත් අරගෙන මම රඟපාන්න එනවා. ඔය අතරේ මට මචං චිත්‍රපටය ලැබුණා. ඒකින් ලැබුණ ආදායමෙන් මම ගමේ කඩයක්‌ දැම්මා.

ආපහු මට වැඩ වැඩිවෙනකොට මම ආරම්භ කරපු පුංචි ව්‍යාපාරය මගේ සහෝදරයාට දුන්නා. ඒ ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් ටිකත් අරගෙන කොළඹ ඇවිත් ඉන්න කොට ආපහු මට මාතා චිත්‍රපටය ලැබෙනවා. එතැනදී මගේ වරිගයේම හොඳ මිතුරන් පිරිසක්‌ හමුවෙනවා.

මේ වෙනකොට නාටාමි වැඩේ අතහැරලාද?
ඔව්. මම නාටාමි වැඩේ 2007 වසරේදී අතහැරියා.

එතැන හිටපු මනෝ කියන මිතුරෙකුට පුංචි බොරැල්ලේ පාස්‌පෝර්ට්‌ කන්තෝරුවට හැරෙන තැන පුංචි හෝටලයක්‌ තිබුණා. මම අද ඔහුත් සමග එකතුවෙලා එතැනම සයිවර් හෝටලක්‌ පවත්වාගෙන යනවා. ඒ අතරතුරේ රඟපෑමේ කටයුතු සිදුකරනවා.

මම විවාහවෙලයි ඉන්නේ. ඇගේ නම සුභාෂිණී. ඇය මට මුණගැසෙන්නේ මට සිනමා නිර්මාණ එතරම් නොලැබෙන කාලයක චිත්‍ර ඇඳීමත් සමග. මට එක්‌තරා වකවානුවකදී මම අධ්‍යාපනය හැදෑරූ පාසලට පේන්ටින් කිහිපයක්‌ කරන්න සිදුවෙනවා.

එතැනදී ගුරුවරියකගේ නේවාසිකාගාරයේදී තමයි මමත් ආහාර ගැනීම සිදුකරන්නේ. එතැනදී සුභාෂිණී ගුරුතුමියව මුණගැසෙන්නේ. අපි හොඳ යාළුවෝ බවට පත්වුණා.
අන්තිමේ දී මම ඇයට ආදරය ප්‍රකාශ කළා. මා ගැන අදහසක්‌ තියෙනවා නම් ලියුමක්‌ ලියලා දෙන්න කිව්වා. ඇයත් මට ලියුමක්‌ ලබාදෙනවා කීවා. අන්තිමේ අපිදෙන්නම හුවමාරු කරගෙන තිබෙන්නේ හිස්‌ කොලයක්‌ විතරයි. කොහොමින් හරි 2008 වසරේදී අපි විවාහ ගිවිසගන්නවා.

විවාහ ගිවිස ගන්න කලින් ඔබේ ජීවිත කතාව ඇයට කිව්වාද?
පැහැදිලිවම. මම කොළඹ නාටාමි වැඩේ කරනවා කියලා තමයි මුලින්ම පැවසුවේ. එවිට ඇය පැවසුවේ සොරකම්, මංකොල්ලකෑම්, වංචාවන් නොකර ඒ වගේ හරි රස්‌සාවක්‌ කළාට කමක්‌ නැහැ කියලත් කිව්වා. හැබැයි ඇය මගේ හැකියාවන් සියල්ල දැනගෙන හිටියා. මම හැමතිස්‌සේම හෙව්වේ හැකියාවට රැකියාවක්‌.

එතකොට විවාහ මංගල උත්සවය සැමරුවාද?
මම 2008 වසරේදී විවාහ උත්සවය පවත්වනවා. මහ ලොකුවට වෙඩින් එක ගත්තේ නැහැ. මගේ ගම වන රක්‌වානේ තමයි විවාහ උත්සවය පැවැත්වුණේ. සම්පත් ජයවීර, ඉෂාන් ගම්මුදලි, ධර්මප්‍රිය ඩයස්‌, අනුරුද්ධිකා පාදුක්‌කගේ, පුබුදු චතුරංග මගේ විවාහ උත්සවයට පැමිණියා. අද වෙනකොට මට වයස අවුරුදු හතරහමාරක දුවෙක්‌ ඉන්නවා. බිරිඳ තවම රක්‌වානේ මම ගිය පාසලේ උගන්වනවා.







සටහන :- දිනේෂ් විතාන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top