Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
31
"බඳින දවස අහන්න එපා, දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ.." - අනුෂා දමයන්ති

- "බඳින දවස අහන්න එපා, දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ.." - අනුෂා දමයන්තිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"මම ඉන්නේ වෙනමම ලෝකෙක. ඒකටයි මම ආස.."

"ඒ කැපිල්ලෙන්ම මට අත හුරුවුණා.."

"අම්මා අවුරුදු දහ අටේදී විවාහ වෙද්දී ඒ සියලුම දේ අතහැරලා.."

අනුෂ දනයන්ති කියන්නේ නිලියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තනයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ වගේම ඇය නිරන්තරයෙන්ම විලාසිතා මවන්නියක්. ඇයගේ සියලුම ඇදුම් විලාසිතා නිර්මාණය කරගන්නේ ඇයම නිසා විලාසිතාවෙදී ඇයව කැපී පෙනෙනවා. මේ ඇය ගැන පුවත්පතක සදහන් කළ ලිපියක්.


අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනේ.... මොනවද මේ අලුත් අවුරුද්ද තියෙන විශේෂ වැඩ....?
අලුත් අවුරුද්ද එද්දිම ඉතින් වැඩ රාජකාරි නම් බොහොමයක් තියෙනවා. ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද ලැබෙන දවස වෙනකම්ම ප්‍රසංග සහ රූගත කිරීම් යෙදිලා තියෙනවා. මැයි මාසේම විදෙස් ප්‍රසංගයක් යෙදිලා තියෙනවා. දැනට මම විදෙස් සංචාර තුනක වැඩබාර අරගෙන තියෙනවා.

සීතල යුද්ධය සිනමා නිර්මාණය හරහා බව දේශපාලන කාන්තාවකගේ භූමිකාව රඟපෑවා.  මෙවැනි චරිතයක් අනූෂාට ආගන්තුක නැහැ නේද...?
දේශපාලන විෂය ඇත්තටම මම බලාපොරොත්තු වුණ විෂයක්වත්, එන්න හිටිය විෂයක්වත් නෙමේ. මගේ මතය වුණේ කලාකරුවා ඉතා ස්වාධීන කෙනෙක්. ඉතින් මේ චරිතය කතා කරද්දී ඇය මේ රට නියෝජනය කරපු චරිතයක්. ඒ නිසා රටට පණිවුඩයක් දෙන්න මම ඒ චරිතය බාරගත්ත.

කවදා හරි දේශපාලනයට අනූෂා දමයන්ති එකතුවෙයිද?
බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ඔයා දේශපාලනයට එනවද කියලා. හැබැයි දේශපාලනයට එන්න කිසිම දවසක මගේ හැඟීමක් තිබුණේ නැහැ. මම අදටත් සිනමාවටයි, නර්තනයටයි තමයි කැමති. ලස්සනට ඇඳුම් හදලා ලස්සනට අඳින්න තමයි මම අදත් කැමති. ඒවත් එක්ක මම ඉන්නේ වෙනමම ලෝකෙක. ඒකටයි මම ආස. හැබැයි අපි කරන දේ රසවිඳින්න නිදහස්, නිවහල් රටක් තිබිය යුතුයි. ඒ පණිවිඩය නිර්මාණය කරන්න ඕනේ. ඒ පරිසරය නිර්මාණය වෙච්චි තැන අපිට වේදිකාවක් හදන්න පුළුවන්.

අනූෂාට ඇඳුම් මහන්න පුළුවන්නේ... කොහෙන්ද ඕවා ඉගෙන ගත්තේ?
පවුලේ කිසිකෙනෙක් ඇඳුමක් හරියට මහන්න දන්නේ නැහැ. අපේ පැත්තේ හිටපු අක්කා කෙනෙක් රට ගිහින් එද්දි ගෙනාපු අලුත් මැෂිමක් අපිට වික්කා. එතකොට ඒ නම්බර් එක ලංකාවට ඇවිල්ලත් නැහැ. ඉතින්... තාත්තාට කිව්වම තාත්තා ඒ මැෂිම සල්ලිවලට අරගත්තා. හැබැයි ඒකෙන් මහන්න අපි කාටවත් කිසිම ඕනකමක් තිබ්බේ නැහැ. එතකොට මගේ වයස අවුරුදු එකොළහක් විතර ඇති. ඉතින්, ගෙදර මැෂිම තියෙන නිසා මම ඒකට ආස කළා. මම අපේ ගෙදර තියෙන සීයාගේ සරම් කැපුවා. බෙඩ්ෂීට් කැපුවා. අම්මගේ සාරි කැපුවා. හැබැයි ඒ හැමදෙයක්ම මුලදී ගොඩක් නාස්ති වුණා. ඒ මහපු එකක්වත් අඳින්න බැහැ. හැබැයි මගේ අම්මා කවදාවත් මට බැන්නේ නැහැ. අම්මා ඉස්සර ගොඩක් සාරි ඇන්ද කෙනෙක්. ඒ ගොඩක් සාරි අම්මා කපන්න දුන්නා. ඒ කැපිල්ලෙන්ම මට අත හුරුවුණා. ඊට පස්සේ මම කපනවා. මම ඇඳුම් නිර්මාණය කරනවා. අද මගේ සිනමා වෘත්තිය පුරාම වෙනස් විදිහේ ඇඳුම් අඳින්න හුරුවුණේත් ඒකමයි. මම හැමවෙලේම වෙනස් දේවල් කරන්න උත්සාහ කළා. කවදාවත් ෂොප් එකේ ඇඳුමක් අරගෙන අඳිනවට වඩා ඒ ඇඳුමට හරි අලුත් වෙනසක් කරන්න මම උත්සාහ කළා.

අනූෂා ගැන කතා කළොත් අනූෂාගේ අම්මා ගැනත් කතා කරන්නම වෙනවා. ඇය ඔබේ ජීවිතයට වගේම ඔබේ කලා ජීවිතයටත් ලොකු හයියක්?
ඔව්... අම්මා ගැන මට වචනවලට පෙරළලා කියන්න බැරි තරම්. අම්මා ඉස්සර නර්තන ශිල්පිනියක්. වේදිකා නිළියක්. එයා කලා පවුලක හැදී වැඩුණ කෙනෙක්. නමුත් අම්මා අවුරුදු දහ අටේදී විවාහ වෙද්දී ඒ සියලුම කලා කටයුතු නතර වුණා. අම්මට දකින්න බැරිවුණු හීනය අම්මා හැමවෙලේම මගෙන් දැක්කා. අම්මා කියන වචනයට හොඳම අර්ථකථනය දෙන්න පුළුවන් කෙනෙක් තමයි මේ. අනූෂා දමයන්ති කියන නම හැදුනා නම් අනූෂා දමයන්ති කියන කෙනා යම් ජයග්‍රහණයක්, සම්මානයක් ලැබුවා නම් ඒ සියල්ලම අයිති මගේ අම්මාටමයි. ජීවිතේ මම වැටෙද්දී මාව ශක්තිමත් කරන්නේත්. එකපාරක් වැටෙද්දී ඊට දහපාරක් වේගෙන් නැගිටින්න මට කියාදුන්නේත් ඇයයි.

අනූෂා දමයන්ති ක්ෂේත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරන්නේ කවුද? ක්ෂේත්‍රෙය්දී අනූෂාට කැපිලි කෙටිලි එහෙම නැද්ද...?
ක්ෂේත්‍රෙය් හැමෝම එක්ක මම සුහදයි. හැබැයි මගේ හොඳම යාළුවා තමයි මගේ අම්මා. කැපිලි කෙටිලිනම් ඕනෑතරම් තියෙනවා. ඒක මගේ වෘත්තියේ එදා ඉඳන්ම තිබුණු දෙයක්. කලා ක්ෂේත්‍රයේදී ඉරිසියාව කියන දේ තියෙනවා. මම ඒ කාත් එක්කවත් තරහ නැහැ. එකට කාලා එකට වැඩකරපු සමහරු යන යන තැන්වල මම ගැන වැරදි කතා පතුරනවා. සමහරුන්ට මගේ ජනප්‍රියත්වය, දරාගන්න බැරිවුණා. ගහකොළට, ස්වභාව දහමට, දෙවියන්, බුදුන්ට වැඳගෙන සතුන්ට මිනිස්සුන්ට ආදරේ කරන කෙනෙක් මම. ඒ නිසා මම දන්නවා මම කවුද කියලා. ඇත්තටම ඒ වගේ අය පව්. කර්මය මේ සියල්ලටම වඩා ප්‍රබලයි.

අනූෂා... හැමදාමත් කියන්නේ... මේ අවුරුද්දේ විවාහ වෙනවා කියලනේ... ඇත්තටම අනූෂාගේ විවාහය කවද්ද?
අයියෝ... ඔය ප්‍රශ්නයට විතරක් මගෙන් උත්තරයක් නැහැ. ඒක දැන් දෛවය තීරණය කරාවි. දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ.
 
මේ දවස්වල අනූෂා අල්ලපු ගෙදර වැඩ වගේ..?
ඔව්... අල්ලපු ගෙදර චිත්‍රපටයේ Remake  එකක් රූගත කිරීම් කරනවා. අල්ලපු ගෙදර 1965 අවුරුද්දේ තිරගත වුණ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. ඒකේ සේපාලිකාගේ චරිතය මෙවර මට කරන්න ලැබුණා.  ඒ කතාව අදට ගැලපෙන විදිහට කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කරනවා. ඉතින් ඒකට සම්බන්ධ වීමත් ඇත්තටම ලොකු සතුටක්. ඒ වගේම ඉතාලියේ මංගල දර්ශනය පෙන්නපු අයියයි නංගියි කියන චිත්‍රපටය ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තිරගත වෙන්නත් නියමිතයි. ඊට අමතරව තව චිත්‍රපට හතක් විතර ඉදිරියේදී තිරගත වේවි. ඒවා සියල්ලම චිත්‍රපට පෝලිමේ තමයි තියෙන්නේ.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top