Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
"එයා එතකොට හරිම පොඩියි..ඒත් එයා ගැන ආදරයක් ඇති වුණා.." සනත් නන්දසිරි

- "එයා එතකොට හරිම පොඩියි..ඒත් එයා ගැන ආදරයක් ඇති වුණා.." සනත් නන්දසිරිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"ඒක තමයි මගේ ජීවිතේ මුල්ම මතකය වෙන්නේ.."

"උදේ කෑම කෑවට පස්සේ ආයෙත් කන්නේ රෑට විතරයි..."

ශ්‍රිලාංකිය සංගීතයේ ස්වර හතෙන් එක් ස්වරයක් ඔහු කිව්වොත් වරදක් නැහැ. ඒ ස්වරය බොහෝ ස්වර ගලපා සංගීතයට බොහෝ ගීත දායාද කළා. ඔහු සංගීත් නිපුන් සනත් නන්දසිරි. ඔහුගේ ආදරණිය බිරිද මල්කාන්ති නන්දසිරි. සංගීත ප්‍රසංගයට ඔහු හා තවමත් අත්වැල් බැදගන්නේ ඇයයි. මේ කතාබහ ඔවුන් ගැනයි.


“දූ අනුරාධා සංගීත ප්‍රසංගයට මේ දවස්වල ඔබ ලකලෑස්ති වෙනවා...?
ඔව්.මායි මල්කාන්තියි, දුවයි එකතුවෙලා විශේෂ සංගීත ප්‍රසංගයක් නෙළුම් පොකුණේ කරන්න සූදානම් වෙනවා. ඒ ප්‍රසංගය පවත්වන්නේ මාර්තු මාසේ එකොළොස් වැනිදා. ඒකේ සියලුම කටයුතු හොයලා බලලා කරන්නේ මගේ දුව. මීට කලින් මගේ ඒකපුද්ගල ප්‍රසංග පවත්වලා තියෙනවා. මාත් දුව ඉපදුණු අවුරුද්දේ පටන් ඒකපුද්ගල ප්‍රසංග කීපයක්ම කරලා තියෙනවා.

ඒ ප්‍රසංගයේ තියෙන විශේෂත්වය මොකක්ද...?
මගේ තනි ගීත වගේම අපි තුන්දෙනාම එකතුවෙලා මේ ප්‍රසංගයේදී ගීත ගායනා කරනවා. පරපුරවල් කීපයක ගීත මේ ප්‍රසංගයේදී අහන්ත පුළුවන්. ඉතින් මම අපේ දුව ඉපදුණු වෙලාවේදී දුවට නම තිබ්බේ “අනුරාධා කියලයි... මම “දූ අනුරාධා කියලා ගීතයකුත් කළා. ඉතින් අපි මේ ප්‍රසංගය නම් කළෙත් “දූ අනුරාධා කියලයි.

ඔබගේ ජීවිතය ආරම්භ වෙන්නේ කොළොන්නාවෙන් නේද...?
ඔව්... මම පුංචි කාලේ හැදුණු වැඩුණේ කොළොන්නාවේ ගොතටුව කියන ගමේ. අපේ මහ ගෙදර තිබුණේ ගොතටුවේ. මගේ තාත්තා කලාවට හරියට ආදරය කරපු කෙනෙක්. තාත්තාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්කම තිබුණා. මම පොඩි කාලේ අහලා තිබුණා තාත්තාට හොඳ ආර්ථික පසුබිමක් තිබුණා කියලා. අපි ඉපදෙන්නත් කලින්ම ගමේ නාට්‍යවල තාත්තා රඟපාලා තිබුණා. හැබැයි ඒ සල්ලිවලට නෙමේ. ආසාවටයි... හැබැයි මගේ අම්මා හොඳ ගෘහපතිනියක්. අපේ කටයුතුවලට අම්මයි තාත්තයි කවදාවත් අකමැති වුණේ නෑ. මගේ පවුලේ මට හිටියේ අක්කයි, අයියයි, නංගියි, මල්ලියි. ඒ අයත් කලාවට ආස කළා. අයියට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි අවසානයේ දී කලාව වෘත්තියක් හැටියට කළේ මම විතරයි. “හැබැයි කලාවට මම ආස කළාට කලාව කළාට කවදාවත් මම කලාකාරයෙක් වෙනවා. රටම දන්න කෙනෙක් වෙනවා. කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. කොහොම හරි මම ආස කරන විෂය කළා. අවසානයේදී නොහිතපු දෙයක් මගේ රස්සාවත් එක්ක කරන්න මට සිද්ධ වුණා.

ඔබගේ කලා හැකියාව පාසැලේදී ඔපමට්ටම් වෙන්න ඇති නේද...?
ඔව්... ඇත්ත... මම මුලින් ඉස්කෝලේ ගියේ ගමේ පාසලට. ඒ තමයි ගොතටුව මහ විද්‍යාලයට. ඒ විද්‍යාලයේ මාසයකට එක දවසක රැස්වීමක් තියලා පොඩි විවිධ ප්‍රසංගයක් පවත්වනවා. සාහිත්‍ය ලිපි, කතාව වගේම ගීතත් ඒ ප්‍රසංගයේදී ඉදිරිපත් කරනවා. ඉතින්... ඒ හැම ප්‍රසංගයකදීම අපේ පන්තිය වෙනුවෙන් ගීත ඉදිරිපත් කරන්නේ මම. ඒ ඉදිරිපත් කිරීම තමයි මගේ කලා ජීවිතේ මුල්ම මතකය වෙන්නේත්.

ඒ විද්‍යාලයේ අපිට උගන්නපු ගුරුතුමෙක් හිටියා... හැබැයි පාසැලේ සංගීත ගුරුතුමා ඔහු නොවේ. නමුත් සංගීතයට ආදරය කරන, සංගීතය ගැන දන්න ඒ ගුරුතුමාට මට මොකක්දෝ හැකියාවක් තියනවා කියලා තේරිලා තිබුණා... දවසක් මේ ගුරුතුමා මට පන්ති කාමරයට කතා කරලා. “පුතා සංගීතය ඉගෙන ගන්න කැමතිද... කියලා ඇහුවා. මාත් හරි ආසාවෙන් කැමති වුණා. එතකොට මට අවුරුදු දහතුනත් දහහතරත් විතර ඇති. ඉතින් මම සංගීතයට අත්පොත් තිබ්බේ ඒ ගුරුතුමා යටතේ. ඊට පස්සේ මම ළමා මණ්ඩපයට ගියා. ඊට පස්සේ මම රජරට විශ්වවිද්‍යාලයේ අවුරුද්දක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ඉන්දියාවට ගියා.

ඉන්දියාවට ගිය ගමන ගැන පොඩ්ඩක් මතක් කරමුකෝ...?
මම ගියේ කෝච්චියේ. එතකොට ප්ලේන් තිබුණේ නෑ. කොච්චියේ ගිහින් ලක්නව් බැස්සට පස්සේ ඒ වටපිටාව හරිම දුෂ්කරයි. ඒ මොහොතේම මට තේරුණා දුෂ්කර ජීවිතයක් තමයි මම මේ ගතකරන්න ඇවිත් ඉන්නේ කියලා. කිසිම පිරිසිදුකමක් නෑ. හැම තැනම දූවිලි. ආයේ ලංකාවට එන්න හිතුණට මගේ හිත කිව්වෙම “ආපු වැඩේ කරගනින් කියලයි. ඒනිසා මම භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්දියාවේ බොහෝ දෙනා දවල් කෑම කියලා වෙලාවක් වෙන් කරගෙන කෑවේ නෑ. උදේ කෑම කෑවට පස්සේ ආයෙත් කන්නේ රෑට විතරයි.

ඉතින් ඒකට මාත් පුරුදු වුණා. මම නැවතිලා හිටියේ හෝටලයක. උදේ පාන්දර තබ්ලා ඉගෙන ගන්න යනවා. හවස තුනට භාත්ඛණ්ඩයට යනවා. රෑ නවයට හොටෙල් එකට එනවා. ආපු ගමන් දවසේ උගන්නපු දේ පාඩම් කරනවා. හැමදාමත් මම නිදාගන්නේ පාන්දර එකට දෙකට. ආයෙමත් පසුවදා පාන්දර පහට නැගිට්ටා. මේ වගේ අවුරුදු හයක් මම ඉන්දියාවේ සංගීතය ඉගෙන ගත්තා. අන්තිමට විශාරද විභාගය කරලා ඉවරවෙලා හෝටලයට ආපු ගමන් මට උණ සන්නිපාතය හැදුණා. මට ගොඩාක් අමාරු වුණා. ඒකේදී තමයි මගේ හිසකෙස් පවා ගියේ. නැත්නම් ඒ කාලේ මට හරි ලස්සන කොණ්ඩයක් තිබුණා. ඉන්දියාවේ ගතකරපු ඒ අවුරුදු හය දුෂ්කරයි. ඒවගේම සුන්දරයි. ඒ දුෂ්කර ගමනේ හැම සුන්දරත්වයක්ම මම අරගෙන ආවා. මම ඒ සුන්දරත්වය උපරිමයෙන් වින්දා. කිසිම දෙයක් අතහැරියේ නෑ. ඒ හරියට ඉගෙන ගත්තු නිසා තාමත් මම මේ හොඳට ඉන්නේ. ඒ ඉගෙන ගත්තු දේ බොරුවට එහෙන් මෙහෙන් ඉගෙනගෙන ආවානම් අද මම මෙතෙන ඉන්නේ නෑ.

 ඔබට මූලික ගුරු පත්වීමක් ලැබුණේ අම්පාරට නේද...?
ඔව්... ඉන්දියාවේ ඉගෙන ගෙන 1966 මැයි මාසේ දී මම ලංකාවට ආවා. ඒ ඇවිත් මට මුල්ම පත්වීම ලැබුණේ අම්පාරට. ඒ 1966 සැප්තැම්බර් මාසයේදී. ඒ කාලේ අම්පාරේ ඉන්දියාවේ ඉගෙන ගෙන විභාගවලින් සමත් වුණු කිසිම කෙනෙක් හිටියේ නෑ. ඉන්දියාවේ ඉඳන් ආපු මට අම්පාර දුෂ්කර ජීවිතයක් වුණේ නෑ. ඒ කාලේ සමහරැ කිව්වා අම්පාර කියන්නේ හරිම දුෂ්කර ප්‍රදේශයක් ඒනිසා පත්වීම බාරගන්න එපා කියලා. අදටත් සමහරු කියන්නේ අම්පාර දුෂ්කරයි කියලා. හැබැයි මට එහෙම දුෂ්කර වුණේ නෑ. මට අම්පාර හරි සුන්දරයි. අදටත් මම කියන්නේ එහෙමයි. ඒ අම්පාර ජීවිතයට මම හරි ආදරෙයි. මම අවුරුදු තුනහමාරක් අම්පාරේ වැඩකළා. මම අදටත් අම්පාරට කියන්නේ “මගේ දෙවැනි ගම කියලයි. මම අම්පාරට යද්දී මගේ වයස අවුරුදු විසි පහක් විතර ඇති. ඒ කොලු කාලයේදී මම අම්පාරේ දුෂ්කරතාවය සුන්දර කරගෙන ජීවිතය වින්දා.

කොහොමද ඔබේ ආදරණීය බිරියව මුණගැසුණේ...?
අම්පාරේ යන්න කලින් මම මාස ගාණක් කොළඹ හිටියනේ. ඒ කාලේ වෙසක් ගීත නාට්‍යයක් තිබුණා. ඒකේ මගේ යාළුවෙක් මට සංගීතය සපයන්න එන්න කියලා කිව්වා. ඉතින් මාත් ගියා. ඒ නාට්‍යයේ සින්දු කියන්න මල්කාන්තිත් ඇවිත් හිටියා. එතකොට මල්කාන්ති පොඩියි. සංගීත කණ්ඩායමේ හිටපු ළමයින්ගෙන් මල්කාන්තිව මට විශේෂ වුණා. ඉතින් අපි හිතවත් වුණා. කතාබහ කළා. ඔය කාලේදී මම අම්පාරට ගියා. ඉතින් සැරෙන් සැරේට මම ආවාම අපි මුණගැහුණා. අන්තිමේදී අපි දෙන්නා 1971 දී විවාහ වුණා.

අද ඔබ ආදරණීය දියණියකගේ තාත්තා කෙනෙක්...?
ඔව්... මායි මල්කාන්තියි 1971 දී විවාහ වුණා. 1974 අවුරුද්දේ අපේ පවුලට අපේ දුව ලැබුණා. දුවගේ උපන් නැකැතට අකුරු තිබුණේ “අ සහ “නි යන්නයි. අපේ හොඳම හිතවතෙක් තමයි කරැ අයියා. (කරුණාරත්න අබේසේකර) ඉතින් කරු අයියට කිව්වම “අපිට දුවෙක් ලැබුණා කියලා. එයා අකුරු ඇහුවා. ඒ වෙද්දී මල්කාන්ති දුව ලැබිලා හොස්පිට්ල් එකේ. කරු අයියා කාර් එකේ යද්දීම අනුරාධා නිශානි කියලා නම් තිබ්බා. ඉතින් මම හොස්පිටිල් එකේදී ඒ නම රෙජිස්ටර් කළා. අපේ දූ පුංචි කාලේ එහෙමට දඟ නෑ. මල්කාන්ති තමයි දුවගේ හැම වැඩක්ම කළේ. හැබැයි දූ අඬද්දී දුවගෙන ආවේ මගේ අතටයි. දැනටත් දූ ඒ වගේමයි. පුංචි කාලේ තිබුණු ආදරෙත් අඩුවක් වෙලා නෑ.

අද අනුරාධා අම්මා තාත්තාගේ අඩිපාරම ගිය කලාකාරියක්...?
ඔව්... මම මේ රටේ සුවහසක් දරුවන්ගේ ඇස් පෑදුවා. සංගීත දැනුම ලබලා දුන්නා. අද මගේ ගෝලයෝ බොහොමයි. ඒ ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්. දුවටත් වෙනත් හොඳ ගමනක් යන්න තිබුණා. හැබැයි දුව තෝරාගත්තේ සංගීතයයි. මම දුවට ඉගැන්වුවා. මගේ ඇසුරේ දුව සංගීතය ඉගෙන ගත්තා. මගේ ගෝලයොත් දුවට ඉගැන්නුවා. ඉතින් මට අද දුව ගැන තියෙන්නේ ලොකු සතුටක්. මගේ දුව මගේ දැනුම වගේම මගේ හැම දෙයක්ම හරියට අරගෙන තියෙනවා. දුව මටයි මල්කාන්තිටයි ලොකු හයියක්. මගේ දුව ගැන තියෙන්නේ මට ලොකු සතුටක්. මගේ සංගීතය මගෙන් පස්සේ මගේ දුව ගාව තියේවී. මගේ දුව මගේ දැනුම හරියට ඉගෙන ගෙන තියෙනවා. ඉතින් ජීවිතේ කවදාකහරි දවසක මගේ දුව ගැන හිතලා සතුටින් මැරෙන්න පුළුවන්. මම බොහෝම සරලව ජීවිතේ ගතකරන කෙනෙක්. ඒ සරලකම ඇතුළේ තියෙන්නේ ලොකු සැනසීමක්.  

දිශානි ජයමාලි

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top