දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තල පුර ප්‍රදේශයේදී නිවාස කිහිපයක් අසල එකම ස්ථානයකදී විශාල පිඹුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසකට හමුව තිබෙනවා.
මෙම පිඹුරන් දෙදෙනා හමුවී ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසක් කැලෑවට ගිය ප්‍රදේශයක් එළි පෙහෙළි කරමින් සිටියදීයි.
පසුව දෙහිඅත්තකණ්ඩියේ සිටින සර්පයින් සම්බන්ධ දැනුමක් ඇති සහ සර්පයින් ඇල්ලීමට දක්ෂයෙක් වන ධම්මික බණ්ඩාර තරුණයාට මේ බව දැනුම් දී තිබෙනවා..
ඔහු පැමිණ මෙම පිඹුරන් දෙදෙනා අල්ලා ගෙන ඇති අතර පසුව වගකිවයුතු ඉහළ වනජීවි නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නත් ඔවුන්ගෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නැහැ.
පසුව ධම්මික විසින් මෙම පිඹුරන් දෙදෙනා මාදුරුඔය වනජීවි කාර්යාලය වෙත ගෙන ගොස් රක්ෂිතයට මුදා හැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.
පෙරේදා (15) හමුවූ මෙම සත්ත්වයින් දෙදෙනා පසුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කළ බවයි ඔහු අප වෙත වැඩිදුරටත් පැවසුවේ.
මෙම පිඹුරන් දෙදෙනා දිගින් අඩි 15 ක් සහ අඩි 12 වශයෙන් විශාල සතුන් බවයි ධම්මික අප වෙත පැවසුවේ.