කෝට්ටේ මාදිවෙල සිට ජයවර්ධනපුර රෝහල දක්වා යන ප්‍රධාන පාර අසල අද රිය අනතුරක් සිදුවුණා.
අධික වේගයෙන් ආ මෝටර් රථයක් ප්‍රධාන පාරෙන් පිටතට පැන ඒ අසල තිබූ විශාල විදුලි කුළුණක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් එම අනතුරින් විදුලි කණුව මෝටර් රථයට පෙරලී ඇති අතර මෝටර් රථයටද දැඩි හානි සිදුවී ඇති බවයි පැවසෙන්නේ.