රටම කම්පා කරමින් තමාරා හේෂලී දැරිය පසුගිය 9 වන දා අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ නිදා සිටින විටයි. කිසියම් පුද්ගලයෙක් විසින් නිවසේ කොටසක් ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස් තිබුණා.
කෙසේ නමුත් එම දැරිය කුඹුක්ගැටේ - නෙරියාව ප්‍රදේශයේ වෙළඳසලක් අසල දමා ගොස් සිටියදී පසුගිය 12 වනදා සොයාගනු ලැබූ අතර ඇය මේ වනවිට සුවෙන් සිටින බවට වාර්තා වෙනවා.
මෙම පැහැර ගැනීම සිදුකල ගාමිණි නම් පුද්ගලයා සෙවීමේ කටයුතු පොලීසිය විසින් ආරම්භ කලේ ඉන් පසුවයි. පළාගිය ගාමිණී සොයා පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්ෂණ නිළධාරීන් සහ නෙරියාව ප්‍රදේශවාසීන් එක්ව ප්‍රදේශයේ ළදු කැලෑ, පොල්වතු ආදී ස්ථාන පීරමින් විශේෂ මෙහෙයුමක් දියත් කලා.
ග්‍රීස් ඇඟ තවරාගෙන ප්‍රදේශයේ නිවෙස්වලට රාත්‍රී කාලයේ ඇතුළු වීමට උත්සාහ දැරීම සහ කාන්තාවන්ගේ ඇඳුම් රැගෙන යාම සම්බන්ධයෙන් ද මෙම සැකකරු නෙරියාව ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව සිටියා. එම නිසා සැකකරු ග්‍රීස් ගාමිණී නැමති අන්වර්ථ නාමයෙන් ද හඳුන්වා තිබෙනවා.
මීට පෙර අවස්ථා දෙකකදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වැල්ලව පොලිසිය සඳහන් කළා. ඒ කාන්තාවකට අතවර කිරීමකට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ ප්‍රදේශයේ විහාරස්ථානයක වතුර මෝටරයක් සොරා ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙම ගාමිණි නැමති පුද්ගලයා දීවීමේ ශූරයෙකු බව කියන ගම්වාසීන් ඔහු සෙවීම සුලුපට නොවන බවට ප්‍රකාශ කර තිබුණත් වැල්ලව පොල්පිතිගම මාර්ගයේ ප්‍රදේශයක පොල් වත්තක සිටියදී මොහුව සොයාගැනීමට ඔවුන්ට හැකි වුනා.
සොයාගැනීමෙන් පසු ගම්වාසීන් ඔහුට පහර දී පොලීසියට භාර දී ඇති අතර ඒ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින්..
සැකකරු අල්ලාගත් අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව මෙතනින්...
පැහැරගත් දියණීය පිළිබඳ අනෙක් ලිපි මෙතනින්...