මියගිය අය අතුරුගිරිය කහංතොට පාරේ අළුබෝවත්තේ නිවසක් රුපියල් 75,000 ක් ගෙවා මාස තුනකට කුලියට ගෙන එහි තනිව වාසය කර තිබෙන බව පැවසේ.තලාහේන ප්‍රදේශයේ විවාහක බිරිඳ සහ දරුවා ජීවත් වී තිබෙන අතර තම සැමියා මියයන තුරුම මෙවැනි නිවසක් කුලියට ලබාගෙන සිටි බව නොදැන සිටි බව බිරිඳ මෙම නිවසේ ජීවත් වූයේ කා සමඟ ද යන්න ගැටලු සහගත බවත් පොලිසියට පවසා තිබෙනවා.
මෙම නිවසේ කුලී දීමනා කාලය අවසන් වීම හේතුවෙන් නිවෙස් හිමිකරු තම පවුලේ සාමාජිකයන් සමඟ පෙරේදා (13 දා) රාත්‍රියේ මෙම නිවසට පැමිණ දොරගුළු විවෘත කර බැලීමේදී ව්‍යාපාරිකයා මෙසේ එක් කාමරයක විදුලි පංකාව ගලවා බිම තබා එම ආධාරකයේ ලණුවක් ගැටගසා එල්ලී මියගොස් සිටිනු දැක තිබෙන අතර පසුව ඔහුන් 119 යන අංකයට අතුරුගිරිය පොලිසිය දැනුවත් කර තිබෙන බවත් සදහන්.
තලංගම දකුණ භාර හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය සහ පොලිසිය එම ස්‌ථානයට ගොස් තිබෙන අතර එහිදී මියගිය අයගේ ඥතීන් මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කර තිබෙන බවත් ප්‍රකාශ වේ.
ඒ හේතුවෙන් ඒ සඳහා වැඩිදුර පරීක්‍ෂා කිරීමට මහෙස්‌ත්‍රාත් අධිකරණය ඔස්‌සේ කරුණු වාර්තා කරන ලෙස හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කර තිබෙනවා.