ඈත ඉතිහාසයේ දුම්පානය කලේ ඉහළ පැලැන්තියේ අයයි. එමෙන්ම ශීත ඝෘතුවේ සීතලෙන් මිදෙන්න දුම් පානය කළේ. නමුත් ලෝකේ බොහෝ රටවල්වල පොහොසත් දුප්පත් පිරිස වගේම ලෙඩරෝග වැළදෙන බව නොතකා විලාසිතාවට දුම්පානය කරන්න පුරුදු වෙලා. ඒ නරක පුරුද්ද නිසා බොහෝ තරුණයින් දැන් රෝගීන් බවට පත් වෙලා. කවුරුත් නොදන්න නමුත් ඔවුන් මානසික රෝගීන් බවට පත් වෙලා.
දුම්බීම භින්නෝන්මාදය නමැති මානසික වියවුල් තත්ත්වයක් වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පර්යේෂණයකින් ඔප්පු වෙලා තියෙනවා. දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ඒ පර්යේෂණ කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා.
භින්නෝන්මාදය (schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇතිවන උමතුවයි.
ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම්පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. ඒ වගේම ඉතා අඩු වයස්කාර දුම්බොන්නන් මේ තත්ත්වයට වැඩියෙන් ගොදුරැ වන බවයි.
එම පර්යේෂක කණ්ඩායම විසින් සිදුකරන ලද පර්යේෂක 61ක් අනුසාරයෙන් ලැන්සට් සයිකෑට්රික් සඟරාවේ පළකරන ලද විශ්ලේෂණයේ දැක්වෙන්නේ සිගරුට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොළයට තුළ වෙනස්කම් සිදුකිරීමට සමත් වෙනවා කියලයි.
දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝවිකාරයට හේතුවන බව බොහෝ කාලයක සිට විශ්වාස කළ කරුණක්.
නමුත් භින්නෝන්මාදය ඇති රෝගීන් දුම්පානය කරන්නේ සිය මනස තුළ පවතින ශෝකී ස්වභාවය සහ මනස තුළින් ඇසෙන බවට ඔවුන් විශ්වාස කරන කටහඬවලින් මිදීමට වන බවයි මින් පෙර විශ්වාස කෙරුණේ.
කිංග්ස් කොලේජ් පර්යේෂණ කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීය පනස් පහක් (14555) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදාගෙන තිබෙනවා.