සුභානි හර්ෂණී මුතුකුමාරණ කියන්නේ සංගීත ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක්. 99 වර්ෂයේ අගභාගයේදී සංගීතයට අවතීර්ණ වූ ඇය දැන් වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ. ලඟදීම මව් පදවිය ලබන්න සුදානම් කියලත් ආරංචියි. ඒ නිසා ඇය ගැන හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ ඇය ගැනයි.
සුභානි දැන් මව් පදවිය ලබන්න සුදානම් කියලා ආරංචියි..?
ඔව්. තව ටික දවසකින් මමත් අම්මා කෙනෙක්. මම විවාහ වෙලා අවුරුදු අටක් විතර වෙනවා. ඒත් අපි දෙන්නා අතරට දරුවෙක් එන්නේ ලඟදි. එයා දුවෙක්ද පුතෙක්ද කියලාවත් අපි බැලුවේ නැහැ. අපි ලඟට ඇවිත් අපිව පුදුම කරවනකල් ඉන්නවා.
සංගීත ක්ෂේත්‍රයේ වැඩිය ඔබව දකින්න ලැබෙන්නේ නැහැ නේද..?
අලුත් ගීතයක් කළේ මිට මාස දෙකකට කලින්. ඔබ හමු නොවුණා නම් කියලා. රූප රචනාවක් එක්ක. මේ ගීතය මේ දවස්වල ජනප්‍රියයි. ඊට අමතරව නම් ගීත කළේ නැහැ.
ඒ කාලේ වගේම සංගීත ප්‍රසංග වේදිකාවට සුභානිට ඉල්ලුමක් තියනවද ..?
ඔව්. කිසිම වෙනසක් නැහැ. මම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17ක් විතර වෙනවා. එදා ඉඳලම අදවෙනකල් ඉල්ලුම නම් අඩු වෙලා නැහැ.
ඉල්ලුම වැඩි නිසා අය කරන මුදලත් වැඩි ඇති නේද ..?
කොහෙත්ම නැහැ. ඒ කාලේ මට ලැබුණු ජනප්‍රියත්වය එක්ක මට මගේ ගාණ වැඩි කරන්න තිබුණා. නමුත් මම ඒක කළේ නැහැ. මුල්ම ප්‍රසංගයට මම අය කළේ රුපියල් 5000යි. හැම අවුරුද්දකම පොඩි ගාණකින් විතරයි වැඩි කළේ. විදේශ සංචාර වලත් ඉල්ලුම එහෙමමයි.
දවසකට ප්‍රසංග වේදිකා කීයකට සම්බන්ධ වෙනවද..?
ප්‍රසංග වේදිකා පවත්වන කාලෙට මම දවසකට අඩුම ගානේ දෙකකටවත් සම්බන්ධ වෙනවා. දවසක් මම ෂෝ හතකටත් සම්බන්ධ වෙලා තියනවා. ප්‍රසංග නැති කාලේට සතියකට දෙක තුනකටවත් සම්බන්ධ වෙනවා.
සුභානි කියන්නේ දකුණට විතරක් අයිති කෙනෙක් කියන්නේ ඇත්තද...?
අනේ නැහැ. මම ලංකාවටම අයිති කෙනෙක් .මගේ සින්දු බොහෝ අය අහනවා .මම හිටියේ ඉන්නේ දකුණේ තමයි. ඒත් දැන් කොලඹ. ඒ කියලා වෙනසක් නැහැ.
සුභානිගේ නමත් හංවඩු ගැහුනේ මල් රැල්ලේ ගායිකාවක් කියලා නේද.. දැන් හැදිලා තියන රැලි ගැන මොනාද කියන්න තියෙන්නේ..?
මමත් ඇත්තටම මල් සිංදුවලට කැමති කෙනෙක් නෙමෙයි. ඒත් "ලාභ සිනා " ගීතය තවම මාකට් වෙනවා . මුල් කාලේ තනියම ගීත කරගන්න අමාරුයි. ඒ නිසා නිෂ්පාදකයිනට ඕන විදිහට ගීත කලේ. දැන් මමම ගීත කරන්නේ. ඒ නිසා හොද නිර්මාණ කරගන්න මට පුළුවන් වෙලා තියනවා. යන රැලි ගැන නම් මගේ ඒ තරම් කැමැත්තක් නැහැ.
රසික ප්‍රතිචාර ගැන කතා කළොත්...?