ආදරේ සුන්දරයි.
මේ සුන්දර ආදරේ ලස්සන ජීවිතයක් විනාශ කරන්නත් විනාශ වුණු ජීවිතයක් ලස්සන කරන්නත් තරම් බලවත්.
ඒ වගේම අවංක ආදරේකට මිල මුදල්, ජාති ආගම්, හමේ පාට, වයස වගේ දේවල් බලපාන්නේ නෑ.
මේ කියන්නත් යන්නෙත් ඉන්දුනීසියාවෙන් වාර්තා වුණු ඒ වගේ සුන්දර ආදර කතාවක්.
28 හැවිරිදි ofian Loho Dandel නම් තරුණයෙකුට ලබාගත් දුරකථන අංකය වැරදිලා Martha Potu නම් කාන්තාවකට ගොස් තිබෙනවා.
Dandel කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වැරදීමකින් ගත් දුරකථනයට ප්‍රතිචාර දැක්වූ කාන්තාවගේ කටහඬ ඇසීමෙන් ඇය කෙරේ ආදරයක් සිතේ ඇතිවී තිබෙනවා.
ඒ ඇතිවුණු ආදරෙන් පස්සේ දෙන්නම මුණගැහෙන්න තීරණය කළත් ඒ අවස්ථාවෙදි වෙලා තිබුණේ හිතුවෙවත් නැති දෙයක්.
ඒ තමයි Dandel ගේ ඉදිරියට ඇවිත් තිබුණේ අවුරුදු 82 ක් වයස කාන්තාවක්.
මේ සිද්ධියෙන් පුදුමයට පත්වුණු Dandel තමන්ගේ ආදරේ දෙවරක් නොසිතා ඇයට පවසලා.
ඇයත් Dandel ගේ ආදරේ පිළිඅරගෙන.
82 වැනි වියේ පසුවන මෙම කාන්තාව මීට කළින් විවාහ වෙලා හිටියත් සැමියා අවුරුදු 10 කට කළින් ජීවිතයෙන් සමුගෙන ගිහින්.
දරුවන් දෙදෙනා මේ වෙද්දි විදේශ ගතව නිරතවෙනවා කියලයි වාර්තා වුණේ.