ඉන්දියාව තුළ සමූහ දූෂණ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවිද කතාබහ ඇති වුණා. ඒ එම දූෂකයන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්.
ඒ අතර මවක හා දියණියක සමූහ දූෂණයකට ලක්කළ දූෂකයන්ට සිය ජීවිතය ඉල්ලා සිටින තුරුම ඔවුන්ව දැඩි වද හිංසනයට ලක්කරන ලෙස ඉන්දියාවේ අමාත්‍යවරියක වන උමා භාරතී අණ කර තිබෙනවා.
එම දූෂකයන් කකුල් දෙකින් එල්ලා වද දෙන අවස්ථාවේදී ඔවුන් විසින් දූෂණය කළ කාන්තාවන්ටද එම අවස්ථාව නැරඹීමට අවස්ථාව දිය යුතු බවයි ඉන්දියාවේ ජල සම්පත් සංවර්ධන අමාත්‍ය උමා භාර්තී පවසා තිබෙන්නේ.
2016 ජූලි මාසයේදී බුලාන්ද්ෂාර් ප්‍රදේශයේ සිදුවූ සමූහ දූෂණයක් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් අමාත්‍යවරිය මෙම දඬුවම යෝජනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත රජයෙන් අදළ කාන්තාවන්ට යුක්තිය ඉටු නොවූ අවස්ථාවේදී ඇය ඉදිරිපත්ව මෙම දඬුවම් පැමිණවීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
“මේ දූෂකයන්ව කකුල් දෙකෙන් එල්ලා ඔවුන්ගේ මස් එලියට එනකල් පහර දිය යුතුයි. පස්සෙ මේ තිරිසන්නු කෑමොර දෙනකල්ම, ලුණුයි, මිරිසුයි ඔවුන්ගේ තුවාලවල තැවරිය යුතුයි. මේ සිදුවීම ඔවුන් අතින් අතිශය අමානුෂික ලෙස දූෂණයට ලක්වූ කාන්තාවන් බලා සිටිය යුතුයි”