කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් තමයි මේ විරෝධතාවය කරලා තියෙන්නේ...
හැබැයි මේ විරෝධතාවයේ විශේෂත්වයක් තියෙනවා..ඔයාල හිතන්නේ මේ විරෝධතාවය මිනිස්සු කරපු එකක් කියලා ද?නෑ නෑ ...මේක කරලා තියෙන්නේ රොබෝවරුන්...
පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ එක්වෙලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන්ගෙන් (Quadrupeds) සමන්විත වූ මෙම කණ්ඩායම කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් සංකේතාත්මක විරෝධතාවයක නිරත වෙලා තියෙනවා.
ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙම විරෝධතාවට එක් වුණා කියලා..
කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පිළිබඳ මහජන කථිකාවතක් ගොඩනැගීමට උත්සාහ කරන 'Democratism' සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කරලා තියෙනවා.