මැස් ජෙනරල් බ්‍රිගම් රෝහලේ දක්ෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් ටිම් ඇන්ඩෲස් (Tim Andrews) නැමැති රෝගියා වෙත මෙම අතිවිශේෂ බද්ධ කිරීම සිදු කර ඇති අතර, එම වකුගඩුව කිසිදු ගැටළුවකින් තොරව දින 271ක කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ.
මෙම සාර්ථකත්වයත් සමඟ ලෝක වාර්තා අලුත් වී ඇත්තේ, මානව වකුගඩුවක් ලැබෙන තෙක් රෝගියෙකුගේ ජීවිතය අවදානමෙන් මුදා ගැනීමට සතුන්ගේ අවයව මෙලෙස තාවකාලිකව සාර්ථකව භාවිතා කළ හැකි බව තහවුරු කරමින්. කෙසේ වෙතත්, අවසානයේදී අදාළ වකුගඩුව ක්‍රමයෙන් අක්‍රිය වීම නිසා එය ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදු වෙලා තියෙනවා. මේ වන විට මානව දායකයෙකුගෙන් අලුත් වකුගඩුවක් ලැබෙන තෙක් ඔහුට කෙටි කාලයකට යළිත් ඩයලිසිස් සේවාව වෙත යොමු වීමට සිදු වෙලා තියෙනවා කියලා තමයි දැන ගන්න ලැබුණේ..
මෙම වෛද්‍ය අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් ටිම් ඇන්ඩෲස් පවසා ඇත්තේ ඩයලිසිස් යන්ත්‍රයකටම කොටු වී නිරන්තරයෙන් රෝහල් ගත වීමට තිබූ දැඩි පීඩනයෙන් මිදී, මාස ගණනාවක් ඉතා නිදහසේ ජීවත් වීමට මෙම සත්ත්ව වකුගඩු බද්ධය තමාට මහත් ජීව ශක්තියක් ලබා දුන් බවයි.
ලෝකයේ පවතින දැඩි මානව අවයව හිඟයට ස්ථිර පිළියමක් ලෙස වෙනත් සත්ත්ව විශේෂයන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ (Xenotransplantation) පර්යේෂණ මේ වන විට වෛද්‍ය ලෝකය තුළ අතිශය වේගවත් කරලා තියෙනවා.
අමෙරිකාවේ පමණක් වකුගඩු බද්ධ කිරීම් සඳහා 100,000කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනවල පසුවන අතර, වසරකට සිදු කළ හැක්කේ බද්ධ කිරීම් 25,000ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවකි. පොරොත්තු ලේඛනයේ ඉදිරියට ඒමට වසර 7ක් පමණ ගත වුවද ඩයලිසිස් මත ජීවත් විය හැක්කේ සාමාන්‍යයෙන් වසර 5ක් වැනි කාලයක් පමණක් බැවින්, මෙවැනි විද්‍යාත්මක සොයාගැනීම් හමුවේ ඉදිරියේදී දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත රැක ගැනීමට මඟපෑදෙනු ඇති බව වෛද්‍යවරු විශ්වාසය පළ කරනවා.