ඒ ඔහු අද (04) උදෑසන අදාළ විමර්ශනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.
සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ BIZ Solutions INC නැමති ගිණුමට අල්ලස් ලෙස ලද යුරෝ 1,454,651.24 ක මුදලින්, ඇමෙරිකානු ඩොලර් 800,000 ක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් Sabre Vision Holdings LTD නමැති සමාගමේ ගිණුමකට තැන්පත් කරවාගෙන, ඊට සමාන රුපියල් මිලියන 100ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මකයි.