පෙරවරු 9.30 ට ආරම්භ වන මෙම විභාගය සඳහා මෙවර සමස්ත අයැදුම්කරුවන් 294,089 ක් පෙනී සිටීමට නියමිතයි.
මාධ්‍ය වර්ගීකරණය අනුව අයැදුම්කරුවන්..
සිංහල මාධ්‍යය: 220,366 යි
දෙමළ මාධ්‍යය: 73,723 යි
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර සිටින්නේ, විභාගය ආරම්භ වීමට අවම වශයෙන් පැයකටවත් පෙර (පෙරවරු 8.30 වන විට) අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.
මඟතොටදී ඇතිවිය හැකි නොසිතූ රථවාහන තදබදයන් මඟහරවා ගනිමින්, දරුවන්ට කිසිදු පීඩනයකින් තොරව සහ නොසන්සුන්තාවයකින් තොරව විභාග ශාලාවට පිවිසීමට මෙය ලොකු පහසුවක් වනු ඇත.