එකටම මෙලොව එළිය දැක, ජීවිතයේ හැම අභියෝගයකදීම එකිනෙකාට සෙවනැල්ලක් වූ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු එකටම මෙලොවින් සමුගැනීමේ ශෝචනීය පුවත සැලවීමත් සමඟ මුළු මහත් සමාජයම දැඩි ශෝකයකට පත්ව තිබුණා.
ගිනි තබාගත් මෙම යාපනයේ නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු යාපන ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
නිවසේ කවරෙකු හෝ නොමැති අවස්ථාවක මේ තරුණියන් දෙදෙනා ඔවුන්ගේ සිරුරුවලට ගිනි තබා ගින්නවුන්ට හසු වීමෙන් පසුව දැනුණු වේදනාව මත ඔවුන් කෑ ගසද්දී අවට පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනාව යාපනයේ සෙලිප්පලෙයි රෝහද රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ජීවිතයේ වටිනාකම ගැන සමාජයට වැදගත් පණිවිඩයක් මෙවැනි ඛේදනීය සිදුවීම් අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ මිනිස් ජීවිතයක ඇති අතිශය වටිනාකමයි.
කෙසේ වෙතත් මනිපායි පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. ජීවිතයේ කෙතරම් විශාල ප්‍රශ්නයක්, ගැටලුවක් හෝ පීඩනයක් ආවත් එය තනිවම දරාගැනීමට උත්සාහ නොකරන තරමට ඔබේ ගැටලුව නිරාකරණය කරගැනීමට තරම් අපි සැවොම බුද්ධිමත් විය යුතුමයි.
මෙවැනි ශෝචනීය සිදුවීම් නැවත කිසිදු පවුලකට හෝ සමාජයට සිදුවීමට ඉඩ නොතැබීම අප සැමගේම වගකීමක් වෙනවා. අකාලයේ වෙන්ව ගිය ඒ නිවුන් සහෝදරියන්ට නිවන් සුව අත්වේවා..