ඒ තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ගණන් එකපාරටම ඉහළ දැමීමට ගත්තු තීරණය.
මෙන්න ඔබේ සාක්කුවට විදින අලුත්ම මිල ගණන්
මෙතෙක් රුපියල් 317කට තිබුණු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් වැඩි වෙලා! ඒ අනුව අද රෑ 12න් පස්සේ අලුත් මිල රුපියල් 398ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් 90 බැගින් ඉහළ දමා තිබෙනවා. දැන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 455ක් වන අතර සුපිරි ඩීසල් රුපියල් 443ක්.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ ගොස් නව මිල රුපියල් 382ක් ලෙස සටහන් වෙනවා. භූමිතෙල් මිලත් රුපියල් 60කින් වැඩි වී රුපියල් 255ක් වෙලා!