සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව සහ කොළඹ මහා පල්ලිය විසින් අද දින රැස්වී ගනු ලැබූ තීරණයකට අනුවයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
අද දින නව සඳ දර්ශනය නොවීම හේතුවෙන්, ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය අවසන් කරමින් සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය එළඹෙන සෙනසුරාදා (21) දිනට යෙදී ඇති බව කොළඹ මහා පල්ලිය නිල වශයෙන් දන්වා සිටිනවා.
ඒ අනුව හෙට දිනයේදීත් උපවාසශීලීව පසුවන බැතිමතුන්, අනිද්දා (සෙනසුරාදා) දින සිය ආගමික වතාවත්වල නිරත වෙමින් උත්සවය සැමරීමට සූදානම් වෙමින් සිටිනවා.