හැමදාම මොකක් හරි අමුතු ඇඳුමක් ඇඳලා "News" මවන උර්ෆි, මෙදා පාර නම් සීමාව පන්නලා කියලා තමයි හැමෝම කියන්නේ.
පසුගියදා උර්ෆි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් දාලා තිබුණා. හැබැයි ඒ වීඩියෝව දැකපු අයගේ ඇස් උඩ ගියේ ඇය ඇඳගෙන හිටපු ඇඳුම දැකලා. මොකද, ඇය ඇඳලා හිටියේ මුළු ඇඟම වැහෙන්න බ්ලේඩ් (Blades) අල්ලපු ගවුමක්! මේ ඇඳුම නිර්මාණය කරන්න උර්ෆිත් පෞද්ගලිකවම දායක වෙලා තියෙනවා. වීඩියෝව දාලා ඇය අහන්නේ "කාටද මාව වැළඳගන්න ඕනේ?" කියලා.
සාමාන්‍යයෙන් උර්ෆි මේ වගේ ඇඳුම් ඇඳලා කොහේ හරි යනවා කියලා කියනවා. හැබැයි මේ බ්ලේඩ් ගවුම ඇඳලා ඇය කොහේ ගියාද, නැත්නම් යන්න ඉන්නේ කොහේද කියලා නම් කොහේවත් සඳහන් කරලා නැහැ. සමහරවිට මේක නිකන්ම වීඩියෝ එකකට විතරක් සීමා වෙච්ච "Fashion" එකක් වෙන්නත් පුළුවන්.
උර්ෆිට හැමෝම බනිනවා වුණත්, ඇයගේ මේ "අමුතු විලාසිතා" නිසාම ඇය විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඒක කොච්චරද කියනවා නම්, 2025 වසරේ GQ සඟරාව මගින් නම් කළ "වඩාත්ම බලගතු තරුණ ඉන්දියානුවන් 35 දෙනාගේ" ලැයිස්තුවටත් උර්ෆිගේ නම ඇතුළත් වෙලා තිබුණා.
සමාජ මාධ්‍ය හරහා ඇයට නිතරම දෝෂාරෝපණ එල්ල වුණත්, ඇය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප වුණත්, උර්ෆි නම් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ගමන යනවා කියලා මේ බ්ලේඩ් ගවුමෙන්ම ඔප්පු වෙනවා.