ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති අජිත් පවාර් ඇතුළු පුද්ගලයින් පිරිසක් ඊයේ පෙරවරු 8:45ට පමණ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අජිත් පවාර් ගමන් ගත් කුඩා ගුවන් යානය පූනේ දිස්ත්‍රික්කයේ බාරමතී ගුවන් තොටුපළට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මුම්බායි සිට බාරමතී බලා පියාසර කළ 'Learjet 45' වර්ගයේ ගුවන් යානයක්.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පවාර් සමග ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් නියමුවන් ඇතුළු 6 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු නොවූ වාර්තා පළ වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලික වාර්තාවලට අනුව, ගුවන් යානය ගොඩබෑමට සූදානම් වීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාලනය කරගත නොහැකිව ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගෙන පුපුරා ගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ දැඩි දුමාරයක් සහ ගිනිදැල් පැතිර යන අයුරු දක්නට ලැබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.