මේ බිහිසුණු තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන්නේ අපූරු පිළිවෙතක්. ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිදු සිදුවීමක් වාර්තා නොකරන බවයි. එනම්, අමෙරිකාවේ ඊළඟ යුද පියවර කුමක්ද යන්න ඔහු දැඩි රහසක්ව තබා ගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබෙනවා.
යුදමය වශයෙන් බලපෑම් කරන අතරතුරම, ට්‍රම්ප් ඉරානය ආර්ථිකමය වශයෙන් හිර කිරීමට දරුණු තීරණයක් ගෙන තිබෙනවා. ඉරානය සමඟ සිදුකරන ඕනෑම වාණිජ ගනුදෙනුවක් සඳහා 25%ක දැවැන්ත රේගු බද්දක් අය කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.
මෙම බදු පැනවීම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසටයි ඔහු නියෝග කර ඇත්තේ... මේ තත්ත්වය නිසා ලෝක දේශපාලනය මෙන්ම වෙළඳපොළ පවා උඩුයටිකුරු වීමේ අවදානමක් පවතිනවා.