බත්තරමුල්ල, දියත උයන ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ රථවාහන කිහිපයකට ආයුධයකින් පහරදී අලාභහානි සිදුකළ යතුරුපැදිකරුවෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන්ට සුඛෝපභෝගී වාහන නොමැති වීම පිළිබඳ ඇති වූ වෛරී සහගත මානසිකත්වයක් හේතුවෙන් මොහු මෙලෙස මත්පැන් පානය කර පැමිණ මඟියන්ගේ සහ රථවාහනවල අතුරු කණ්ණාඩිවලට (Side Mirrors) පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඊයේ (12) සවස් කාලයේ සිදුවූ මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වූ අතර, සැකකරු විසින් රථවාහන හතරකට පමණ මෙලෙස අලාභහානි සිදුකර තිබේ.
කලහකාරී ලෙස හැසිරුණු මෙම පුද්ගලයා ලුහුබැඳ ගිය වැලිකඩ පොලිස් නිලධාරීන් ඉතා කෙටි වේලාවක් තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.