මේ දවස්වල රුපියලයි ඩොලරයයි අතර තියෙන්නේ පුදුම සටනක්.
ගතවුණු දවස් 9 ඇතුළත ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.1 කින් ශක්තිමත් වෙලා තියෙනවා . ඒ කියන්නේ රුපියල වැටෙන්නේ නැතිව පොඩි ඔලුව එසවීමක් පෙන්නුම් කරනවා.
මහ බැංකුව කියන විදිහට, පසුගිය වසර පුරාම රුපියල සියයට 5.5 කින් අවප්‍රමාණය වීමක්, ඒ කියන්නේ රුපියලේ අගය අඩුවීමක් තමයි දකින්න ලැබිලා තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේ අවුරුද්දේ මුල් දින කිහිපය යම් ස්ථාවර බවක් පෙන්නනවා.
සල්ලි තියෙන අයට වගේම ආයෝජනය කරන අයටත් හොඳ ආරංචියක් තියෙනවා. ගතවුණු සතිය ඇතුළත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල තත්ත්වයත් ලොකු වෙනසක් නොවී ස්ථාවරව පැවතුණු බව මහ බැංකුවේ සතිපතා වාර්තාව පෙන්වා දෙනවා.