ඒත් ඔහු කලාවට කළ සේවාව, ඔහුගේ තෙලිතුඬගින් ලියවුණු ඒ පද, රසිකයින් ළඟ සදා අමරණීය වේවි. මොකද ඔහු ඒ වචනවලින් කතා කළේ මනුස්ස ආත්මවලටයි.
චන්ද්‍රසේන තලංගම, අතීතයේ සිට වර්තමානයට ගී පද ලියූ ඔහු මෑත කාලයේ වඩා ජනප්‍රිය වෙන්නේ වර්තමාන රසික ප්‍රජාව අතරයි.
කොහොම වුණත් ලංකික සංගීත ක්ෂේත්‍රයට අපූරු ගීත පෙළක් ඉතුරු කළ ඔහු පෙරේදා (04දා) අභාවප්‍රාප්ත වුණා.
ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු ප්‍රතිභාපූර්ණ කවියකු සහ ගේය පද රචකයකුද වූ, චන්ද්රසේන තලංගම මහතා මියයන විට 82 වැනි වියේ පසුවුණා. පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඒ මහතා සමාජය ආශ්‍රයෙන් ඇසූ පිරූ තැන්, ගේය පද රචනයට නඟමින් මෙරට ජන හද බැඳ ගත්තේ 2017 වර්ෂයේ දී ජනගත කෙරුණු ඒ මහතාගේ පළමු ගීත රචනය වූ "සංසාරේ මා" සමගයි.
මෙරට තරුණ සිත් බැඳගත් ගී පද රචකයකු වූ චන්ද්රසේන තලංගම මහතා කුවේණි, දුර ආකාසේ, නැවුම් කළේ, ඩෝලේ, දුවේ, සොයා ආවා, නාඩගම් ගීය, මොන ආලවන්තකම්, රාධාවරණී, කම්පා හෙවත් මහාමායා රහත් හිමිවරුන් සහ සක් දෙවි වැනුම වැනි ගීත රැසක් රචනා කළා.
කල්‍යාණි අමරසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ ඒ මහතා එක් දරු පියෙක්ද වෙනවා. චන්ද්‍රසේන තලංගම මහතාගේ දේහය, පොතුඅරාව 25 පටුමඟේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද සවස 3.30ට තලාහේන පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
රටක් ආදරය කළ මේ ප්‍රවීණ කලාකරුවා ගැන සමාජමාධ්‍යයේද බොහෝ සටහන් ප්‍රමාණයක් දැකගන්න ලැබුණේ මෙන්න මේ විදිහටයි.
