Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
19
පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අඛණ්ඩව. අතුරුතහනමක් ඉල්ලා ගොනු කළ පෙත්සම, විත්තිකරුවන්ට නඩු ගාස්තු ගෙවීමට ද නියෝග කරමින් සිවිල් අභියාචන මහාධිකරණයේ දී ඉවතට

- පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අඛණ්ඩව. අතුරුතහනමක් ඉල්ලා ගොනු කළ පෙත්සම, විත්තිකරුවන්ට නඩු ගාස්තු ගෙවීමට ද නියෝග කරමින් සිවිල් අභියාචන මහාධිකරණයේ දී ඉවතටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42 Views

කොළඹ තුම්මුල්ල හන්දියේ ඉදිවන පෙන්ටාරා රෙසිඩන්සීස් (Pentara Residencies) මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් 2025 දෙසැම්බර් 11 දිනැති නියෝගය මගින් නිශ්ප්‍රභා කිරිමට බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය කටයුතු කර තිබෙනවා.


අතුරු නියෝග සදහා වන ඉල්ලීම් ගාස්තු සහිතව ප්‍රතික්ෂේප කරමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය තීන්දු කළේ, මීට පෙර කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග සදහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිම හා අතුරු තහනම් නියෝගය සදහා වන ඉල්ලිම්වල දී දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලිමට කරන ලද තිරණය ද යුක්ති සහගත වන බවයි. ඉල්ලන ලද සහනයන් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය තවදුරටත් අවධාරණය කරන ලද්දේ පෙත්සම්කාර පාර්ශවයන්ගේ මෙම නඩු සැලසුම්සහගත ලෙස “ප්‍රමාදය සාධාරණත්වයපරාජය කරයි” යන සාධාරණාත්මක ප්‍රකාශය අදාල වීම වැලැක්වීමට තැත්කර ඇති බව ද පෙනී යන බවයි.

මෙහිදී වගඋත්තරකාර හෝම් ලෑන්ඩ්ස් සමාගම අදාල සියලු අනුමැතීන් නීත්‍යානුකූලව ලබා ගැනීමෙන් අනතුරුව සිය ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මාස කිහිපයක කාලයක් ගත වී ඇති බව ද අධිකරණය සඳහන් කළේය. ඉදිකිරීම් කටයුතු මගින් ඇතිවන අධික ශබ්දය, කම්පනය සහ දූවිල්ල හේතුවෙන් තමන් අපහසුතාවයට පත් වන බව සඳහන් කරමින් අවට පදිංචිකරුවන් පිරිසක් විසින් ඉදිකිරීම් කටයුතු වැලැක්වීමේ හෝම්ලැන්ඩ් සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය වෙත පළමුව පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණය විසින් එවන් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ශේප කරමින් සඳහන් කලේ අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කොට මාස කිහිපයක් තිබියදී වාරණ නියෝගයක් ලබාදීමට ඇති හදිසි අවශ්‍යතාවය පිළිබඳව අධිකරණය සෑහීමකට පත් නොවන බවයි.

නඩුව පවත්වාගෙන යාම හා අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගයක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් සිවිල් අභියාචන මහාධිකරණය සඳහන් කළේ පැමිණිල්ල විසින් මතු කරන කරුණු අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යුත් තාක්ෂණ විද්‍යාගාරය යන වෙනමම රාජ්‍ය ආයතන 3ක් මගින් ද පැමිණිලිකරුවන්ගේ පැමිණිලි කිරිම් පරීක්ෂාවට සහ විමර්ශනයට ලක් කරඇති බවයි.

පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් භූමිය අවට පදිංචිකරුවන් වන ආචාර්ය රධීකා රන්මලී අබේවීර, දුලානි ප්‍රියන්තා, ගුණසේකර සිරිවර්ධන, සොහාන් මාරියෝ ඇන්තනී තිළිණ ප්‍රනාන්දු, වන්නි ආරච්චි අප්පුහාමිලාගේ චින්තක ජිනදාස විජේවික්‍රම, අඟුළුගහ ගමගේ ඉමේෂා අනුදිනී වික්‍රමපාල, වික්‍රමපාල චිත්‍රාංගනී, ලක්ෂ්මන් බාලසූරිය, ජැනීන් චම්පිකා දිල්රුක්ෂි බාලසූරිය සහ නිකමල් මිලින්ද වීරසූරිය යන පැමිණිලිකරුවන් විසින් කොළඹ දිසා අධිකරණයේ වෙන වෙනම නඩු 12ක් ගොනු කර තිබුණි.

පැමිණිලිකරුවන් විසින් සඳහන් කර තිබුණේ පෙන්ටාරා හි ඉදිකිරීම් කටයුතු සඳහා භූමිය කැණීම් කටයුතු සහ බර යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ඇතිවන අධික ශබ්දය, කම්පනය සහ දූවිල්ල හේතුවෙන් ඔවුන්ට සෞඛ්‍ය ගැටළු මතුව ඇති බැවින් ඔවුන්ගේ නිවෙස් තුළ නිදහසේ ජීවත් වීම කෙරෙහි බාධා මතුව ඇති බවයි.

එම පදනම මත, ඉදිරි පියවර ගනු ලබන තෙක් තාවකාලික හදිසි සහනයක් ලෙස සලකා ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස පැමිණිලිකරුවන් නියෝගය ඉල්ලා සිටින ලදි. මුල් අවස්ථාවේදීම එම නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ දිසා අධිකරණය අනතුරුව අතුරු ඉන්ජන්ෂන් තහනම සදහා සලකා බැලිමේදී සිදුකරන ලෙස නියෝග කරන ලදී. ඉන් අනතුරුව ඉහත පදිංචිකරුවන් විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය කොළඹ දිසා අධිකරණය විසින් ලබාදෙන ලද පැහැදිලි කිරිම පිළිගනිමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් නියෝගය ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව නිගමනය කළ අතර සිවිල් අභියාචන මහාධිකරණය එම පෙත්සම් 12ම ඉවත දමමින් විත්තිකරුවන්ට අදාල නඩු ගාස්තු ගෙවීමට ද නියම කළේ ය. හෝම් ලෑන්ඩ්ස් සමූහයේ විසින් කොළඹ තුම්මුල්ලේ ඉදි කරන කුළුණු දෙකකින් යුත් මහල් 40කින් සමන්විත මෙම නවතම පෙන්ටාරා මහල් නිවාස ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පූර්ණ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වන අතර, දේශීය තනි දේපළ වෙළඳාම් සමාගමක් විසින් සිදු කරන සුවිශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර ආයෝජනයක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 30ත් 35ත් අතර) සහිත ව්‍යාපෘතියක් වේ. හැටන් නැෂනල් බැංකුව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමිය මිලදී ගැනීම සඳහා වන සුවිශාල මූල්‍ය පහසුකම සපයන ලදි. එමගින් හෝම් ලෑන්ඩ්ස් සමූහය රුපියල් බිලියන 4.5ක මුදලක් වැය කරමින් කොළඹ නගර මධ්‍යයේ තුම්මුල්ල හන්දියෙන් අක්කරයකට ආසන්න භූමියක් ව්‍යාපෘතිය වෙනුවෙන් මිල දී ගත් අතර එය ඉතිහාසයේ විශාලතම කොළඹ නගරයේ ඉඩම් ගනුදෙනුව බවට ද පත් විය.

පෙන්ටාරා මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් මෙම වසරේදි එළිදැක්වුණු අතර එහි ඉදිකිරීම් කටයුතු ද ඒ හා සමගාමීව ම ආරම්භ වූයේ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සංවර්ධන බලපත්‍රය ද හිමි කරගනිමිනි. මෙම සුවිසල් ව්‍යාපෘතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය, පරිසර කටයුතු පිළිබඳ සභාවේ (ECC) පාරිසරික අනුමැතිය ද සමගින් අවශ්‍ය සියලුම පාරිසරික හා ආයතනික අනුමැතීන් හිමිකරගත් අතර සම්පුර්ණයෙන්ම අනුමැතීන්ට අනුකුලව හා සැලසුම්ගත ලෙස කොළඹ ඉදිවන සුවිශේෂී ද්විත්ව කුළුණු ආකෘතියෙන් යුත් මහල් හතළිහකින් සමන්විත සුඛෝපභෝගිතම මහල් නිවාස ව්‍යාපෘතිය ලෙස ඉදිවෙමින් ඇත.

ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් ශානක කුරේ, රජීව් විජේසිංහ, නාමික් නෆාත්, ශමිත් ප්‍රනාන්දු, අකලංක උක්වත්ත, දමින්ද විජයරත්න සහ සංජන මාපටුන යන නීතිඥවරුන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ මෙහෙයවීම යටතේ විත්තිකාර වගඋත්තරකරු වන හෝම් ලෑන්ඩ්ස් සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදි. ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා සහ නීතීඥවරුන් වන ඉෂාන් අලවතුරගේ සහ හර්ශුල යාපා යන මහත්වරුන් මෙහි දී පැමිණිලිකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top