අදාළ තරුණයා සොරකම් කරපු රුපියල් ලක්ෂ 8ක මුදලක් වියදම් කරලා තියෙන්නේ පුදුම විදිහකට.ඒකෙන් ලොකු කොටසක් ගිහින් තියෙන්නේ සූදූ ක්‍රීඩාවටලු. ඒ වගේම තව විශාල මුදලක් වියදම් කරලා තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි, එයාගේ පෙම්වතිය වෙනුවෙන්. පොලීසිය මේ සැකකාරයා අල්ලගන්නකොට එයා ළඟ තිබිලා තියෙනවා රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්.
ඒ විතරක් නෙවෙයි, එයා පෙම්වතියට තෑගි කරපු අතිශය වටිනා භාණ්ඩත් පොලිසිය භාරයට අරගෙන. ඒවා අතරේ රුපියල් ලක්ෂ 4ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනයකුත් සහ මැණික් ගල් 61කුත් තියෙනවාලු. මෙච්චර වටිනා දේවල්ද පෙම්වතියට අරන් දීලා තියෙන්නේ කොල්ල කාපු සල්ලිවලින් කියලා දැනගත්තම පෙම්වතියට නම් මොනවා හිතෙන්න ඇත්ද?