මේ ඛේදනීය සිදුවීම වෙලා තියෙන්නේ අක්කරෙයිපත්තුව - පොතුවිල් A04 ප්‍රධාන මාර්ගයේ, කෝරකලප්පුව වැව් බැම්ම ඉදිරිපිටදී රෑ 10.30ට විතර.
කතාව මෙහෙමයි... ජතර්සන් කොස්තාපල්වරයා පදවාගෙන ආ ත්‍රිරෝද රිය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගිහින් තියෙනවා. ඊට පස්සේ...රිය මාර්ගයෙන් ඉවතට පැනලා එතන තිබුණු ආරක්ෂක කොන්ක්‍රීට් කණු දෙකක බරපතල විදිහට ගැටිලා...
අනතුරින් බරපතල තුවාල ලැබූ මේ කොස්තාපල්වරයා රෝහල්ගත කරලා තිබුණත්, ඔහුට ජීවිතය බේරගන්න බැරි වෙලා තියෙනවා. පොලිසිය මේ ගැන වැඩිදුර විමර්ශන කරගෙන යනවා.