Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
07
"මම ඇහුවා කෝ අපේ අම්මල කියල. ටික වෙලාවක් මගේ මූණ බලන් හිටපු අය අර ඉන්නේ කියලා අත දික් කරා..." සැණෙන් පරවගිය නෙලුම්මල..

- "මම ඇහුවා කෝ අපේ අම්මල කියල. ටික වෙලාවක් මගේ මූණ බලන් හිටපු අය අර ඉන්නේ කියලා අත දික් කරා..." සැණෙන් පරවගිය නෙලුම්මල..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"වහලා තිබුණ මෘත ශරීරවල මුහුණු ඇරලා බැලුවා මගේ ඥාති ඔක්කොම එතන හිටියා...''


ගස්වැල් අකුලාගෙන හැමූ කුණාටුව, හතරවටින් යටකරන් වැහැපු අනෝරා මහ වැස්ස අඩු වූවාට, අව්ව පෑව්වට, යන්න එන්න ගෙයක් දොරක් නැතිවුණු, තමන්ගෙම කියලා කිසිම කෙනෙක් ඉතුරු නොවුණු, දුක්බර අඳෝනා විතරක් මතකයේ රැඳුණු, සතා සිවුපාවගේ ඉඳන් ඔක්කොම එකට වැළලුණු ගම්මානවල ඉතිරි වූ මිනිස්සුන්ගේ හද කම්පා කරවන කඳුළු කතා ඕනෑ තරම්ය.

එසේ සැඟවුණු ජීවිතවල කඳුළු කතා අතරේ නෑදෑ සනුහරේ එකට මිහිදන් වුණු උඩත්තව ප්‍රදේශයෙන් ඇසුණු කඳුළු කතාවක් සොයා පෙරළුනු ගල්කුළු අස්සෙන් අඩියක් අඩියක් පාසා ලිස්සන, තවමත් වියළෙන්නට වෙරදරණ රොන් මඩ තට්ටුව මතින් අපි පිය මැන්නෙමු.

දුර ඈත තියා එන අප දැක පෙරට ආ රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩත්තව අරියඥාන හිමියන් දුක්මුසු මුහුණින් අප දෙස බලා, කවදත් උන්වහන්සේ හෙළන නිර්ව්‍යාජ සිනහව පෑවේ බුද්ධ දේශනාවේ එන අටලෝ දහම සිහිපත් කරමින් ය.

මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩත්තව නෙළුම්මල ගම්මානය පොළොවට සමතලා කළ නකල්ස් කඳු වැටියේ පස් තට්ටුව කිසි දිනක තම හිස මතට කඩා වැටේ යැයි යහංගල පාමුල පිහිටි නෙළුම්මල ගම්මු කිසි දිනෙක නොසිතෙන්නට ඇත.

අකාරුණික වූ මහවැසි නකල්ස් කඳුවැටිය තෙමාගෙන පහළ බසිද්දී යහන්ගල දෙපස පස් කඳු දෙකක් රුදුරු වෙස් ගෙන නෙළුම්මල ගම්මානය යට කරමින් පවුල් දහතුනක තිස්එක්දෙනකු එකට මිහිදන් කළේ පසුගිය විසි හත් වැනිදා සවස් යාමයේදීය. එය කන වැකුණු උඩත්තව අරියඥාන හිමියන් සහ උන්වහන්සේගේ සහෝදර හිමියන් සමග තම උපන් ගම බලා මහවැසි නොතකමින් පියමැන්නාහ.

රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩත්තව අරියඥාන හාමුදුරුවෝ උපන්නේ උඩත්තව නෙළුම්මල ගම්ම්මානයේ ය. උන්වහන්සේ සහ උන්වහන්සේගේ බාල සහෝදරයා වන උඩත්තව විජිත හිමියන් වගේම ඒ ගම්මානයේම ගෙවල් කිහිපයක් එහායින් ජීවත් වූ ඥාති සහෝදරයකු වූ උඩත්තව විපුල හිමියන් ද එකට කෙළිදෙලෙන් ගත කළ ගම්මානය නෙළුම්මලය.

අලංකාර රවුල්ගොල්ල ඇල්ලට සහ තෙළඹුගහ ඇල්ලට මැදිව නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි සුන්දර යල මහ දෙක වැපිරෙන කුඹුරු යාය බත බුලතින් පිරීගිය නෙළුම්මල ගම්මානයේ වැඩි පිරිසක් පාරම්පරිකව ගොවීන් වූයේය.

මුලින්ම උඩත්තව අරියඥාන හිමියන් මහණදම් පුරන්නේ වයස අවුරුදු එකොළහේදීය. ඒ කෝරළඉම විජයගිරි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙනගම ඥානින්ද හිමියන් සෙවණේය. ඒ අඩි පාරේ යමින් බාල සහෝදරයා සහ එම ගමේම ජීවත් වූ අරියඥාන හිමියන්ගේ ඥාති සහෝදරයා ද මහණ දිවියට ඇතුළත් විය.

මේ වන විට අධ්‍යාපනයෙන් ජය කෙහෙළි නැංවූ උඩත්තව අරියඥාන හිමියන් රාජකීය පණ්ඩිත විභාගය සමත්ව කෝරලඉම විජයගිරි පිරිවෙන් විහාරස්ථානයේ පරිවෙනාධිපති වශයෙන් වැඩවසන අතර උඩත්තව විජිත හිමියන් මාතර ගනේගොඩ පුරාණ විහාරයේ වැඩවසති. ඥාති සහෝදරයා වන උඩත්තව විපුල හිමියන් කහතුඩුව වෙනිවැල්කොළ සිරි නන්දාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන්නාහ.

පසුගිය දිනවල ‘දිට්වා’ කුණාටුව රටටම එකසේ බලපෑවේ ය. ඒ අනෝරා වැසි නකල්ස් කඳුවැටියට ද එකසේ ඇද වැටුණි. බැලූ බැලූ අත නකල්ස් කඳුවැටියෙන් ගලන දිය ඇලිවලින් පිරී ගොස් තිබුණි. පරම්පරා කිහිපයක් ජීවත් වූ ගම්මානයේ කිසිම කෙනෙකු දන්නා පරිදි කිසිදිනක යහන්ගලින් හෝ නකල්ස් කඳු පංතියෙන් කිසිවකුට අබ ඇටයක තරම් වත් හානියක් වී නොතිබුණු බැවින් ගම්මු කඳුවැටිය අවිශ්වාස නොකළෝය.

නකල්ස් කඳු පන්තියේ යහංගල සිට ගම්මානය පිහිටි ප්‍රදේශයට කිලෝමීටර පහකට පමණ වැඩිදුරක් ඇතත් ජලය සමග ගලා ආ පස්කන්දට එය එතරම් දුර නොවීය. මහවරුසාවේ ගලන දිය ඇලිවල ඝෝෂාව පස් කන්ද රූටන සද්දය යටපත්වී තිබෙන්නට ඇත. ගම්වැසියන් මේ මොහොතේ තියෙන දෙයක් රත්කර රාත්‍රියේ කෑමට සූදානම් වෙන වලාව විය යුතුය. පාසල් යන වයසේ දරු පැටවුන් පත පොත පාඩම් කරමින් සිටියා විය හැකිය.

මේ සියල්ලෝම ගත්කල පවුල් දහ තුනකි. ඒ එකම ඥාති සනුහරේ එවුන්ය. ඔවුන්ට සිතාගන්නටවත් නොහැකි මොහොතක පස් කන්දත් සමග නිවාස පෙළ පහළට රූටා ගියේ නිවාසවල සිටි තිස් එක් දෙනෙකුගේ හීන බලාපොරොත්තු පස් කන්දටම යටකරමින් ය. මේ නාය යෑමෙන් ගමේ ඉතිරි වූයේ එක් නිවසකි. එහි වැසියන් අනූනවයෙන් දිවි බේරාගත්තේ දෙවියන්ට පිංසිදු වෙන්නට ය.

පැයකට දෙකකට අධික කාලයක් දණකට වඩා එරෙන පස් කඳු මත ඇවිද ගිය අපට පාදමවත් ඉතුරු නොවුණ නිවාස පිහිටි ස්ථාන පෙන්වන්නට අරියඥාන හිමියන් නොගත් උත්සාහයක් නැත. දුෂ්කර ගමනක අවසානයේ අප නෂ්ටාවශේෂ වූ මඩ සහිත භූමි භාගයේ නකල්ස් රක්ෂිතයෙන් රූටා ආ කොටයක් මත ඉඳගත්තේ ගිමන් හරිමින් කතාබහක නිරත වන්නට ය.

“මේ සිද්ධිය වෙලා තියෙන්නේ විසිහත් වෙනිදා සවස පහත් හයත් අතර. ඒ වෙලාවේ සියලුම දුරකථන පද්ධතිය අවහිර වෙලා විදුලිය විසන්ධි වෙලා සියලු සබඳතා ගිලිහී ගිහිල්ලා තියෙනවා. පහුවදා අල්ලපු ගමේ මගේ හිතවත් හාමුදුරුවෝ නමක් මට පණිවිඩයක් දුන්න වහාම එන්න කියලා නමුත් විස්තරේ කිව්වේ නෑ. පස්සේ මම මගේ සහෝදර හාමුදුරුවෝ සහ ඥාති සහෝදර හාමුදුරුවෝ එක්ක එතනට වැඩියා. මහ වරුසාවේ එතනට වඩිනකොටත් හැන්දෑවේ හය පහුවෙලා. වැහි අඳුරත් එක්ක හැම තැනම කරුවලයි මට මහා මූසලකමක් දැනුනා.” රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩත්තව අරියඥාන හිමියන් කතාවට මුලපිරුවේ එසේ ය.

“නෙළුම්මල ගම්මානය කියන්නේ උඩත්තව ගම්මානයේම තියෙන එක උප ගම්මානයක්. උඩත්තව හරහා තමයි ගම්මානෙට එන්න තියෙන්නෙ. මම උඩත්තව ගම්මානේ ගෙයින් ගෙට වැඩියා. ඒ ගෙවල්වල කිසිම කෙනෙක් නෑ තිත්ත කරුවලයි. එතකොට අටට විතර ඇති මයෙ හිතේ. අඩුම තරමේ කුප්පි ලාම්පු එළියක්වත් නෑ. උඩත්තව පන්සලට වැඩියා. පන්සලේ කිසිම කෙනෙක් නෑ. මට ලොකු බයක් දැනුණා දනකට වැඩිය එරෙන මඩ තට්ටුවක් මැදින් ගලා එන මහා ජලධාරාවත් එක්ක ඔට්ටු වෙලා අනිත් පැත්තට මාරු වෙලා ඉස්සරහට වඩිනකොට මම ඈතින් දැක්කා කුප්පිලාම්පු එළියක්. එතන දෙතුන් දෙනෙක් වාඩිවෙලා හිටියා. මම ඇහුවා කෝ අපේ අම්මල කියල. ටික වෙලාවක් මගේ මූණ බලන් හිටපු අය අර ඉන්නේ කියලා අත දික් කරා. ඊට පස්සේ තමයි මම දැක්කේ රෙදිවලින් ඔතපු මෘත ශරීර හත අටක් එක පෙළට තියලා තියෙනවා. මම කලබලයට පෝන් එකේ ටෝච් එළියෙන් රෙදිවලින් වහලා තිබුණ මෘත ශරීරවල මුහුණු ඇර ඇර බැලුවා. මගේ කියන ඔක්කොම එතන හිටියා හැබැයි මල්ලි හිටියේ නෑ. මම ඇහුවා මල්ලි කෝ කියලා. මල්ලිට පණ තිබුණා. මල්ලිව ඉස්පිරිතාලෙ ගෙනිච්ච කියලා කිව්වා. මට එකවරම මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුණා.මට හිතුනා මියගිය කට්ටිය දැන් මියගියා මම මල්ලිව කොහොම හරි බේරගන්නවා කියලා.

මම ඒ එතැනින් මහියංගන රෝහලට වැඩියා. එතකොටත් මල්ලිව බිබිල රෝහලට මරු කරලා. මම බිබිලි රෝහලට වඩිනකොට රෑ එකොළහත් පහුවෙලා. ඊට පැය දෙකකට කලින් මල්ලි නැති වුණා කියලා රෝහල් කාර්ය මණ්ඩලය කිව්වා. ඒ බලාපොරොත්තුවත් සුන් වුණා. දැන් තියෙන්නේ මල්ලිගේ මෘත ශරීරය රෝහලෙන් නිදහස් කරගන්න එක. රෑ නිසා ඒක කරගන්න බැරි වුණා. මම නැවත උඩත්තව ගම්මානෙට වැඩියා. ඥාති ගෙදරක තමයි රාත්‍රියේ හිටියේ. හැම ගෙදරකින්ම ඇහෙන්නේ දුක්මුසු අඳෝනාවක්. හැම ගෙදරකම නෙළුම්මල ගම්මානේ ජීවත් වුණු ඥාතියෙක් හරි සහෝදරයෙක් හරි මිය ගිහිල්ලා. නිදාගන්න ගියත් එළිවෙනකන් නින්ද ගියේ නෑ. පහුවදා උදේම බිබිල රෝහලට වැඩියා. ඒ ඉන්න අතරේ මහියංගන රාජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මසිද්ධි නායක හිමියන් පොලිසියට වැඩමකළා. උන්වහන්සේ පොලිසියට වැඩියේ අවතැන් වූවන් කොහෙද ඉන්නේ?

ඒගොල්ලන්ට මොනවද කරන්න ඕනේ කියලා හොයලා බලන්න. මම උන්වහන්සේ ළඟට ගිහිල්ලා විස්තරේ කිව්වා. නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ හැම වැඩක්ම අතහැරලා මාව වාහනයට දාගෙන කරන්න තියන ඔක්කොම වැඩ ටික කළා. මල්ලිගේ මෘත දේහය මල්ශාලාවට දාලා උන්වහන්සේ සල්ලි ගෙවන්නම් කිව්වා. මල්ශාලාවෙන් කිව්වා “අපි හැමදාම සල්ලිවලට තමයි මේ වැඩ කරන්නේ හාමුදුරුවනේ ඒත් මේ වගේ වෙලාවක සල්ලි ගන්න තරම් අපි අකාරුණික නැහැ කියලා.” එයාලා නිකං තමයි කරලා දුන්නේ. ඒ විතරක් නෙමෙයි බිබිලෙ ඉඳන් උඩත්තව ගම්මානයට විශාල දුරක් නොමිලේ ප්‍රවාහනය කරලා දුන්නා. මම හිටිය වාතාවරණය අස්සේ මට මල්ශාලාවෙ නමවත් මතක නෑ නමුත් ඔවුන් තමයි නියම මිනිස්සු.”

රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩත්තව අරියඥාන හිමියන් සියල්ල අඩුවක් නෑර අපට කියන්නේ හිතෙහි වූ දුක සාංකාව මඳකට තුරන් කර ගන්නට ය. බොහෝ වේලාවක් බර කල්පනාවට වැටුණු උන්වහන්සේ නැවත කියන්නට වූයේ තම උපන්ගමට සිදු වූ ඛේදවාචකයේ තරම ගැන ය.

“මගේ වැඩ ටික ඔක්කොම සම්පාදනය කරලා තමයි නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ වැඩවලට පිටත් වුණේ. උන්වහන්සේ ඒ වෙලාවේ මට දීපු හයිය අමතක කරන්න බෑ. මම නැවත ගම්මානෙට වැඩියා. එනකොට ගම්මානේ ගොඩ ගත්ත පිරිසගේ මෘත ශරීර මහියංගන රෝහලට ගෙනිල්ලා. ආපහු මහියංගන රෝහලට වැඩියා. රෝහලට යනකොට මෘත ශරීර ටික මල්ශාලාවට යවලා. මට කරගන්න දෙයක් නෑ. එච්චර පෙට්ටි ගොඩක් ගන්න මගේ අතේ සල්ලිත් නෑ. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කළා. එයාල කිව්වා ඒ වෙනුවෙන් සල්ලි පාස් වෙලා නෑ හාමුදුරුවනේ කියලා. මම කිව්වා මගේ ළඟ එච්චර සල්ලි නෑ මොනවා හරි කරන්න කියලා. එයාල කොහොම හරි ඉහළින් උපදෙස් අරගෙන මොනවා හරි කරලා පෙට්ටි ටික ලබා දුන්නා. ඒ වෙනකොට විසි නවය රෑ වෙලා. මල් ශාලාවට ගෙනිහල්ලා වැඩි වෙලාවක් නැතුව මෘත ශරීර දාපු පෙට්ටි ටික ඉක්මනට දුන්නා. මම ඇහුවා ඇයි එම්බාම් කරේ නැද්ද කියලා. ඒ වෙලාවේ තමයි කිව්වේ එම්බාම් කරන්න බෑ හාමුදුරුවනේ වතුරට අහුවෙලා හින්දා පෙට්ටි ටික සීල් කරා කියලා. මොනව කරන්නද පෙට්ටි ටික උඩත්තව ඉස්කෝලෙට ගෙනාවා. ඉස්සරහ මඩුවක් ගහලා තැන්පත් කළා. මල්ලීගේ මෘත ශරීරය විතරයි එම්බාම් කරලා පෙන්නන්න පුළුවන් මට්ටමක තිබුණේ. කොහොම හරි අපේ පන්සලේ දායකයෝ දැනගෙන එයාලත් බස්වලින් ආවා. හිතවත් හාමුදුරුවරු පහළොවක් විස්සක් විතර වැඩියා අපි දෙක තුන වෙනකොට මෘත ශරීර ටික පාංශුකුලේ දීල වළදැම්ම එකම වළක.

අපි ඔය වැඩ කරන අතරේ හමුදාව පොලිසිය, ගලවා ගැනීමේ කණ්ඩායම් මෘත ශරීර හොයනවා. ඒ කණ්ඩායම වළදාලා ඉවර වුණාට පස්සේ තවත් හත් අට දෙනෙක්ගේ මළ සිරුරු හම්බ වුණා. එයාලගෙත් නීති වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා රෙදිවල ඔතලා වළ දැම්මා. ඒ වැඩේ ඉවර වෙනකොට තිස් වෙනිදා හත අට විතර වුණා.

ගමේ එහෙට මෙහෙට වුණු කිහිපදෙනෙක් ඉතුරු වෙලා හිටියා සමහරු කඩපිළට ගිය අය. ඔවුන්ට ඇඳිවත විතරයි. එක ගෙයක් ඉතුරු වෙලා තිබුණා. ඒ අපේ අම්මගේ මල්ලි කෙනෙක්ගෙ ගෙයක් එයාලා සද්දේ එනකොට පහළට දුවලා නෑ. හරස් අතට ඈතට දුවලා තියෙනවා.

මේ නාය යෑමේ භයානකකම කොච්චරද කියනව නම් ගම්මානෙ ගෙවල් පිහිටි තැන ඉඳලා නාය ගිය කන්ද තියෙන්නේ කිලෝමීටර පහකටත් එහා පැත්තේ. නාය ගිය කන්ද ගම්මානෙ ගෙවලුත් අරගෙන තවත් කිලෝමීටරයකට වැඩිය දුර ගිහිල්ලා තියෙනවා. ගෙවල්වල කොටස් මෘත ශරීර හම්බවුණේ එච්චර දුරක ඉඳලා. සමහර මෘත ශරීර තවමත් හොයා ගන්නවත් බෑ.” රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩත්තව අරියඥාන හිමියන් එසේ කීවේ දිගු සුසුමක් පිටකරමින් ය.

පළවෙනිදා උදේ වෙනකොට කෝරලඉම මම වැඩඉන්න විජයගිරි විහාරස්ථානයට ආවා. ලොකු හාමුදුරුවෝ සහ ගම්වාසීන් එකතුවෙලා මියගිය පිරිසට දෙවැනිදා සවස මතක බණක් කියලා පහුවදා උදේම දානයක් දුන්නා. මම ආයි ගමේ මිනිස්සුන්ගේ හත් දවසේ මතක බණට ඊයේ තමයි උඩත්තවට ආයි ආවේ. අද උදේ තමයි එයාලගේ හත් දවසේ දානේ දුන්නේ.

මට ඕනේ දැන් මේ ගම්මානේ ඉතුරු වෙලා ඉන්න ඇඳිවත පමණක් ඉතුරු වුණු මිනිස්සු ටිකගේ ජීවිතය ගොඩ දාන්න. ඒකට මට උදව් කරනවා නම් ඒක ලොකු පිනක්'' යැයි පැවසූ උන්වහන්සේ ඈත පෙනෙන යහන්ගල දෙස බලා හද කම්පා කරවන සුසුමක් පිට කළේ ආයෙ කවදා නම් ගම්මානයේ සුන්දරත්වය යළි දකින්නට හැකිවේදැයි සිතමින් බව අපට හැඟුණි.

අප එහි යන විට කන්දට යටවුණු සියල්ලන්ගේ හත් දවසේ දානය අවසන් වී ඇත. ඇතැම් විට දෛවයේ සරදමට මෙන් එකට වැළලුණු මෙම ඥාති සනුහරේ ආදරණීය මිනිසුන්ට නිවන් දොරටුව අපිට වඩා ළඟ වෙන්නට ඇත.
නයනදුල සෙන්දනායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top