Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
"ඒකත් අපි ඉදිරියේදී බලමු.. දැනට ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්..." ආයෙත් පුරුදු රිද්මයෙන් රසිකයින් අතරට ආ කාංචනා..

- "ඒකත් අපි ඉදිරියේදී බලමු.. දැනට ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්..." ආයෙත් පුරුදු රිද්මයෙන් රසිකයින් අතරට ආ කාංචනා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

මේ කියන්න යන්නේ කවුරුත් ආදරය කරන ඇය ගැනයි.

කාංචනා අනුරාධි, ලංකාවේ කවුරුත් ආදරය කරන ඇය ඔන්න කාලයකට පස්සේ තවත් සුන්දර ගීතයක් රසිකයිට තිළිණ කරලා. 


ඒ ගීතය වගේම තවත් ඇය ගැන අපූරු තොරතුරු දැනගන්න කැමති ඔබට ඇය කියලා තියන දේ බලන්නකෝ..

‘දැන දැන මා’ ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවලු?

ඔව්, මේ දවස්වල ගීතයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. කියන්න සතුටුයි, මේ ප්‍රතිචාර විදියට ලැබෙන්නෙ හැමෝගෙම ආදරය. මේ ගීතය හැඟීම් මහා ගොන්නක එකතුවක්. ඒ නිසාම වෙන්න ඇති ගොඩක් දෙනෙක් ගීතය රස වින්දට පස්සෙ හැඟීම්බර වෙලා තියෙනව. මේ අතර කෙනෙක් දාපු ලස්සන කමෙන්ට් එකක් තිබුණ. ඒකෙ කියල තිබුණෙ දැන දැන මා කියන්නෙ කන්දෙකෙන් නොව, හදවතින් අහන්න ඕන ගීතයක් කියල. ඒ වගේම තව කෙනෙක් කියල තිබුණ කන්දෙක පිනවන ගීතයන් නොවෙයි, හදවත සනසන ගීතයක් කියල. මේ අතර දිනේෂ් අයියගෙ සහ මගේ කම්බිනේෂන් එක ගැන ගොඩක් දෙනෙක් කතාකරල තිබුණ. ඔවුන් කියල තිබුණෙ ඒක මැජිකල් එකක් කියල.


මේ ගීතය නිර්මාණය වුණ හැටි ගැන කතා නොකරම බැහැ?

අපි මේ ගීතය නිර්මාණය කරන්න පටන් ගත්තෙ ජනවාරි මාසයේ. දිනේෂ් අයිය මේ ගීතයේ වචන ටිකක් එක්ක මෙලඩි එක මට එවල තිබුණා. ඒ ගැන හොයල බැලුවාම හරිම ලස්සන මෙලඩි එකක්. එතැනින් පස්සෙ අපි මේ ගීතය කරමු කියන තැන ඉඳන් අපි කතාකරගත්තා. මෙතැනදි මනුරංග අයියව මතක් නොකරම බැහැ. ඔහු තමයි ඉන් පස්සෙ මුළු ගීතයම රචනා කළේ. වීඩියෝ එක කරල දුන්නෙ චමිල් පතිරණ අයියා. ඉදල්ගස්හින්න, ඇල්ල වගේ ලංකාවෙ අපි මීට කලින් ගිහිල්ල නැති ලස්සන ලොකේෂන් වලට ගිහිල්ල සොබාදහමේ අපූර්වත්වයත්, සංගීතයේ අපූර්වත්වයත්, හැඟීම් දැනීම්වල අපූවර්වයත් එක තැනකට කැටි කරල චමිල් අයිය ලස්සන වීඩියෝ එකක් කළා. ඒ වගේම මේ නිර්මාණයේ ඩීඕපී විදිහට කටයුතු කළේ දිමුතු කාලිංග අයියා. අපේ කණ්ඩායමේම කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිර්මාණය එළිදකින්නෙ.


දිනේෂ් සමග මින් පෙරත් ඔබ නිර්මාණ කළා?

ඔව්, දැනෙනා තුරු මා කියන ගීතයට පස්සෙ අපි කරපු දෙවැනි ගීතය මේක. ඊට අමතරව අපි තවත් ගීත තුනක් නිර්මාණය කළා.

මේ සියලුම ගීත ජනප්‍රිය වුණා?

ඔව්, අපි දෙන්න කරපු හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. දිනේෂ් අයියි මමයි ක්‍ෂේත්‍රයට එන්නෙ එකම කාලයක. මට මුලින්ම ඔහුව මුණගැහෙන්නෙ මාතර පවත්වපු පළමුවැනි නාදගම ෂෝ එකේදි. එදාම ඔහු මට කිව්වා අපි දෙන්න එකතුවෙලා ගීතයක් කරමු කියල. කාලෙකට පස්සෙ අපි දෙන්න එකතු වෙලා ගීතයක් කරන්න පටන්ගත්තා, නමුත් අදටත් ඒක අවසන් කරගන්න බැරි වුණා.

මනුරංග විජේසේකරගේ පද රචනාව ගැන අදහස මොන වගේද?

මනුරංග විජේසේකර කියන්නෙ එක් එක් ගායකයාගේ හෝ ගායිකාවගේ හැඩය වගේම ඔහු හෝ ඇය මේ මොහොතේ ඉන්න ලෙවල් එක හරි හැටි හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාව අනුව පදරචනාවක් කරන්න විශේෂිත හැකියාවක් තියෙන කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් ඔහුට තියෙන්නෙ මැජිකල් රයිටින් ස්කිල් එකක්.

මෙවැනි රූප රචනාවක් ගෙන එන්න විශේෂ හේතුවක් තිබුණද?

මේ රූප රචනාව සත්‍ය සිදුවීමක් මුල්කරගෙන තමයි චමිල් අයියා විසින් නිර්මාණය කරන්නෙ. පුද්ගල රසඥතාවට බාධාවක් වෙන්න පුළුවන් නිසා මම එහි අන්තර්ගතය ගැන සඳහන් නොකර ඉන්නම්.

කොහොමද සංගීත වැඩ කටයුතු?

සංගීත වැඩ කටයුතු හොඳින් කරගෙන යනව. උපාධියේ වැඩ නිසා සංගීත වැඩකටයුතු ටිකක් අතපසු වුණා. නමුත් දැන් ඒ කටයුතු අවසන් නිසා මගේ සම්පූර්ණ කාලයම සංගීතය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වෙලා තියෙනව.

ප්‍රසංග වේදිකාවේදී ලැබෙන ෆීඩ්බැක් එක කොහොමද?

මම ගෘහස්ථ වගේම එළිමහන් වේදිකාවේත් එක හා සමානවම ගීත ගායනා කරනව. අපේ ප්‍රේක්‍ෂකයන්ගෙ ස්වභාවය විවිධයිනෙ. ඔවුන්ගේ රසවින්දනයත් එකිනෙකට වෙනස්. මට තියෙන ලොකුම සතුට තමයි, මේ හැම කෙනකුගෙම හිත සනසන්න අවස්ථාව ලැබෙන එක. මේ යන එක හැම තැනකදිම ප්‍රේක්‍ෂකයන්ගෙ උපරිම ආදරය මට ලැබෙනව.

පසුගිය දවස්වල නාදගම ප්‍රසංගයක් කළා?

ඔව්, මේ වතාවෙ ෆෙස්ටිවල් එකක් විදිහට තමයි නුවරඑළියේදි නාදගම ප්‍රසංගය පැවැත්වුණේ. ඒක අපිට වගේම ප්‍රේක්‍ෂකයන්ටත් වෙනස්ම අත්දැකීමක් වුණා.

‘දැන දැන මා’ ගීතයේ ඔබ සාර්ථක රංගනයක යෙදෙනවා. රඟපෑමට ආරාධනයක් ලැබුණොත්?

දැනටමත් රංගනයට ආරාධනා ලැබෙනව. අපි බලමු නේද ඉදිරියේදී.

ඔබේම ප්‍රසංගයක් කරන්න අදහසක් නැතිද?

ගායකයෙක් හෝ ගායිකාවකගෙ හීනයක් තමයි තමන්ගෙම සෝලෝ ප්‍රසංගයක් පවත්වන එක. ඒකත් අපි ඉදිරියේදී බලමු. දැනට ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්.



දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top