මේ අවාසනාවන්ත පුවතක් ගැන ඇහෙන කතාවක්.
වෙන්නප්පුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ ගුවන් හමුදාවට අයත් Bell 212 වර්ගයේ හෙලිකොප්ටරයේ ගමන් කළ පස් දෙනාම මාරවිල රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
ආපදා සහන මෙහෙයුමක යෙදී සිටියදී මෙම හෙලිකොප්ටරය ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ අනතුරට ලක් වුණා.
මෙම අනතුරට හේතුව පිළිබඳව තොරතුරු මේ වන විටත් වාර්තා වී ඇත්තේ නැහැ.