කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා අද උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ලේකම්වරයා මෙලෙස සඳහන් කළ ඔහු කියා සිටියේ,
" කොළඹ දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇති වු ගංවතුර තත්ත්වය වැඩි වීමක් අද දිනයේදී දක්නට ලැබෙනවා. විශේෂයෙන් කොළඹ සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීම හේතුකොට ගෙන කඩුවෙල මාලබේ මාර්ගයත්, අතුරුගිරිය මාර්ගයත්, මාලඹේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයත් අවහිර වී තිබෙනවා. ඒ දෙපස පහත් බිම් ද නිසි ආකාරයෙන් ජල ගැලීම්වලට ලක්ව තිබෙන බව දක්වා තිබෙනවා. ඒ අනුව ප්‍රදේශවල ඉන්න ජනතාව ඊයේ රාත්‍රියේ සිටම ඉවත්වන ලෙස දැනුම් දෙනු ලැබුවා. ඒ සඳහා ඉවත්වීමට වෙනම ස්ථාන දෙකක්ද සකස් කර දී තිබෙනවා. එම ස්ථාන වලට යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් පවසනවා."