ටොන් 11ක් බර, අඩි 75ක් උස Norway spruce ගස ඇල්බනිහි උපනගරයක් වන නැගෙනහිර Greenbush සිට Rockefeller Plaza ඉදිරිපිට ඇති එහි නව නිවස දක්වා ගමන් කරනු ලැබුවා.
ඉදිරි සති කිහිපය තුළ, කම්කරුවන් මෙම දැවැන්ත ගස බහු-වර්ණ LED ලාම්පු 50,000 කින් අලංකාර කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. විශේෂම කාරණය නම් මෙම නත්තල් ගස මුදුනේ රාත්තල් 900 ක Swarovski තාරකාවක් ද සවි කිරීමට නියමිතව තිබෙනවා.
දෙසැම්බර් 3 වන දින NBC හි විකාශනය වන “Christmas in Rockefeller Center” අතරතුර නිල ආලෝකකරණ උත්සවය තෙක් ගස අඳුරුව පවතින අතර උත්සවය රාත්‍රී 7 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මෙම ගස 2026 ජනවාරි මැද භාගය දක්වා ප්‍රදර්ශනය කෙරේ. මෙම වාරයෙන් පසු, රොක්ෆෙලර් මධ්‍යස්ථානයට අනුව, නිවාස සඳහා ගස දැව බවට පත් කරනු ලබනවා.