Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
08
මතකය අඩුද ? මතකය වැඩි කරවන්න ඕනද ? මෙන්න ඒකට නියම මග දරුවන් ඉන්න දෙමාපියන්දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න...

- මතකය අඩුද ? මතකය වැඩි කරවන්න ඕනද ? මෙන්න ඒකට නියම මග දරුවන් ඉන්න දෙමාපියන්දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම උත්සාහ කරන්නේ තම දරුවන් නීරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස් රැකියාවක නිරත කරවීමට. ඒ සඳහා ඇතැම් දෙමාපියෝ මුළු සේසතම වියදම් කරනවා. 


පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංතිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමකට ගෙන ඒමට උත්සාහ කරනවා. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය යුතුකමක් පැහැර හරිනවා. අවාසනාව වී ඇත්තේ ඔවුන් එම යුතුකම පැහැර හරින්නේ නොදැනුවත්කම නිසායි. එනම්, දරුවන්ගේ නිසි පෝෂණය පිළිබඳ යුතුකමයි. ඒ නිසා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 15% ක් එනම් දරුවන් පස් දෙනකුට එක් අයෙකු නිරක්තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් (Anaemia) පෙළෙන බව අනාවරණය කරගෙන තිබෙනවා.

දරුවකු මවුකුසින් මෙළොව එළිය දුටු පසු මොළය වර්ධනය වීම සිදුවීම සඳහා යකඩල පෝෂණය අත්‍යවශ්‍යයි. වයස අවුරුදු දෙකට අඩු වයසේදී දරුවකු නිරක්තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවාගේ මොළය වර්ධනය නිසි ලෙස සිදු නොවේ. එසේ මොළය වර්ධනය නොවූ දරුවා පසු කාලයේදී කෙතරම් ටියුෂන් පංති රැගෙන ගියද මොළය වර්ධනය කළ නොහැකියි.

දරුවාගේ මොළය වර්ධනය කිරීම

මවු කුසින් මෙලොව එළිය දුටු සෑම දරුවකුටම පළමු මාස හය තුළ මවු කිරි ලබාදීමට සෑම මවකම පියවර ගත යුතුයි. මවුකිරිවල ලැක්ටෝස් සීනි තිබෙනවා. එය දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. මෙය වයස අවුරුදු 2 - 3 වනවිට සිදුවන දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතා ප්‍රයෝජනවත්. එමගින් දරුවාගේ සහජ හැකියාවන් හැගීම් දැනීම් ශාරීරික ක්‍රියාකාරකම් දියුණු කර ගතහැකියි.

බොහෝ දෙමාපියන්ට අවශ්‍ය මෙලොව එළිය දුටු දරුවා ඉතා ඉක්මනින් වර්ධනය වනු දැකීමයි. එනම් බෝලයක් වගේ දරුවකු වර්ධනය කර ගැනීමයි. නමුත් බෝලයක් වගේ වර්ධනය වූ පෘෂ්ඨිමත් දරුවා අනාගතයේදී ලෙඩ රෝග රැසකට උරුමකම් කියන්නෙක්. මව්කිරි බොන දරුවාගේ සිරුර විශාල ලෙස වර්ධනය වෙන්නේ නැහැ. නමුත් දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂණ සංඝටක මවුකිරිවල ඇත. සෙම් රෝග, කනේ අමාරු, විෂබීජ ආසාදන, දත් නරක්වීම, දියවැඩියාව, බඩවැල් රෝග හෘදයාබාධ පිළිකා වැනි රෝග මතුවීමේ අවදානම අඩුවෙනවා.


දරුවකුගේ මොළය වර්ධනය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණය එළවළුවලින් පමණක් ලබාගත නොහැකිය. නිරෝගී දරුවකුගේ සිරුරේ යකඩ 11.0 g/dl තිබිය යුතුය. මාළු, මස්, රතු මාළු, හාල්මැස්සන්, කුකුල් මස්, කුඩා මාළු, කරවල වැනි මාංශ ආහාරවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකියි. කිරි සහ බිත්තරවල සහ එළවළුවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අපහසුයි.

ගොටුකොළ, සාරණ, තම්පලා, කතුරුමුරුංගා සහ තද කොළපාට, ආහාරවල යකඩ බහුලව ඇත. නිවිතිවල යකඩ ඇතත් එය ශරීරයට උරාගැනීම අපහසුයි.

බෝංචි, සෝයාබෝංචි, මුංඇට, කව්පි, උළුඳු, පරිප්පු, වැනි ධාන්‍ය වර්ග බීජ මට්ටමින් සකස් කරගෙන ආහාරයට ගතහොත් මෙම ධාන්‍ය වර්ගවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකියි.

යකඩ ශරීරයට උරා ගැනීම පහසු කිරීම සඳහා එම ආහාරවලට ගොරකා, දෙහිඇඹුල්, සියඹලා, වැනි රසකාරක එක්කරගත යුතුයි.

යකඩ ඌණතාවයෙන් පෙළෙන දරුවන්

කිසියම් දරුවකු යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවන් නිතර අලස බවින් යුක්තය. ඉතා කුඩා ක්‍රියාකාරමක යෙදුණ ද දැඩි වෙහෙසක් දැනේ. අන් අය නුරුස්සන බවක් මතු වෙනවා. ඇතැම් දරුවෝ පංති කාමරයේ නිදි කිරා වැටෙමින් අලසව කටයුතු කරනවා. මෙවැනි දරුවන් කොතරම් පොත පත පාඩම් කළද මතක ශක්තිය දුර්වලයි. ඒ නිසා ඔවුහු පංති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට දුර්වල දරුවන් බවට පත්වෙනවා.

මෙවැනි දුර්වල දරුවන් කෙතරම් ටියුෂන් පංතිවලට යොමු කළ ද බුද්ධිය වර්ධනය කළ නොහැකියි. ඒ නිසා දරුවාගේ හැසිරීම් රටාව හඳුනාගෙන නිසි පෝෂණයෙන් යුත් ආහාරපාන ලබාදී පළමුව දරුවා නීරෝගී අයකු බවට පත් කළ යුතුයි. ඉන්පසු දරුවා ද පොත්පත් පාඩම් කිරීමට යොමු කළ යුතුයි.

මතක ශක්තිය දියුණු කර ගැනීම

අධ්‍යාපන කටයුතුවල යෙදෙන බොහෝ දරුවෝ විභාගය ආසන්න වනවිට නිදි වරාගෙන පාඩම් කරනවා. ඇතැම් දරුවෝ වතුර බේසම්වල කකුල් දෙක ඔබා ගෙන පාඩම් කරනවා. නමුත් දිනකට අඩුම තරමේ පැය 06 කවත් නින්දක් නොලැඛෙන දරුවා කෙතරම් පොත පත පාඩම් කළත් මතක ශක්තිය වර්ධනය කර ගත නොහැකියි.

පොත්පත් පාඩම් කිරීමට සුදුසුම කාලය අලුයම් කාලයයි. අලුයම හතරත් පහත් අතර කාලය ඒ සඳහා ඉතා සුදුසුය. නමුත් එම කාලය යොදා ගත යුත්තේ පැය 06 කවත් රාත්‍රි නින්දක යෙදීමෙන් පසුවයි.

ඒනිසා තම දරුවන් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සංගීතඥයන්, විද්‍යාඥයන් කිරීමේ සිහින දකින දෙමාපියන් වර්තමානයේදී දරුවාගේ නිසි පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුයි.

ආඩම්බරකාර දෙමාපියන් ලෙස තම දරුවන්ට ක්‍ෂණික ආහාරපාන ලබාදෙමින් බැලුම් බෝල මෙන් පුම්බන්න උත්සාහ කළොත් සිදුවන්නේ පිම්බී ඉබාගාතේ පාවී ගොස් යම් මොහොතකදී පුපුරා යැමයි. එවිට රටටත් සමාජයටත් පවුලේ කොයිකාටත් වටිනාකමක් නැති පුද්ගලයන් බවට ඔවුහු පත්වෙති. ඒ නිසා දරුවන් බැලුම්බෝල කරනවද? යකඩ බෝල කරනවාද යන පැනයට පිළිතුර ඇත්තේ දරුවන්ට ආදරය කරන දෙමාපියන් සතුවයි.


දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top