Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
02
ඔබට අධික රුධිර පීඩනය තියෙනවා කියලා හරියටම දැන ගන්නෙ කොහොමද ?

- ඔබට අධික රුධිර පීඩනය තියෙනවා කියලා හරියටම දැන ගන්නෙ කොහොමද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

අපි බලමු අධික රුධිර පීඩනය කොහොමද හදුනා ගන්න හැටි... 


ඔබගේ රුධිර පීඩනය මැනීම සඳහා වෛද්‍යවරයා සුළං පිරවිය හැකි පටියක් ඔබේ බාහුවේ ඔතා, එයට ක්‍රමයෙන් සුළං පුරවමින් සහ සුළං ඉවත් කරමින් පරීක්ෂා කරනු ඇත.

ඒ සඳහා ඔහු හෝ ඇය රුධිර පීඩනමානය (Sphygmomanometer) නම් වූ උපකරණයක් භාවිතා කරයි. රුධිර පීඩනයෙහි අගය දක්වන්නේ රසදිය මිලිමීටර් (millimeters of mercury or mmHg) වලින් වන අතර එයට සංඛ්‍යා දෙකක් ඇතුලත් වේ.

මුල් සංඛ්‍යාව මගින් ඔබේ හෘදය රුධිරය පොම්ප කරන විට ධමනි තුළ ඇති පීඩනය දැක්වෙන අතර, එය සංන්‍යස්ත පීඩනය (Systolic pressure) නම් වේ.

දෙවන සංඛ්‍යාව මගින් ඔබේ හෘදය රුධිරය පොම්ප නොකරන අවස්ථාවේදී ධමනි තුළ ඇති පීඩනය දැක්වෙන අතර, එය වින්‍යස්ත පීඩනය (Diastolic pressure) නම් වේ. ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේදැයි විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

රුධිර පීඩනය ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5 කට වර්ග කරයි.

සාමාන්‍ය රුධිර පීඩනය
මෙහිදී, ඔබේ රුධිර පීඩනය 120/80 mmHg ට වඩා අඩුය.

පූර්ව අධික රුධිර පීඩනය (Prehypertension)

ඔබගේ සංන්‍යස්ත රුධිර පීඩනය 120 mmHg සිට 139 mmHg දක්වා අගයක් වේ නම් හෝ ඔබගේ වින්‍යස්ත රුධිර පීඩනය 80 mmHg සිට 89 mmHg දක්වා අගයක් වේ නම්, ඔබට පූර්ව අධික රුධිර පීඩනය ඇත. සාමාන්‍යයෙන්, මෙම තත්ත්වය කාලයත් සමග උග්‍රවීම දක්නට ලැබේ.

අධික රුධිර පීඩනය පළමු මට්ටම (Stage 1 hypertension)

ඔබගේ සංන්‍යස්ත රුධිර පීඩනය 140 mmHg සිට 159 mmHg දක්වා අගයක් ගැනීම හෝ වින්‍යස්ත රුධිර පීඩනය 90 mmHg සිට 99 mmHg දක්වා අගයක් ගැනීම සිදුවේ.

අධික රුධිර පීඩනය දෙවන මට්ටම (Stage 2 hypertension)

මෙහිදී, ඔබගේ සංන්‍යස්ත රුධිර පීඩනය 160 mmHg සිට 179 mmHg දක්වා අගයක් ගැනීම හෝ වින්‍යස්ත රුධිර පීඩනය 100 mmHg සිට 109 mmHg දක්වා අගයක් ගනී.

අධික රුධිර පීඩනය තෙවන මට්ටම (Stage 3 hypertension)

ඔබගේ සංන්‍යස්ත පීඩනය 180 mmHg හෝ එයට වැඩි අගයක් ගැනීම හෝ වින්‍යස්ත පීඩනය 110 mmHg හෝ එයට වැඩි අගයක් ගැනීම සිදුවේ.

රුධිර පීඩනය දක්වන සංඛ්‍යාවන් දෙකම එකලෙස වැදගත් ය.

කෙසේ වුවත්, වයස අවුරුදු 60 ට පසු, සංන්‍යස්ත පීඩන අගය වඩා වැඩි වැදගත් කමක් උසුලයි. එකලා සංන්‍යස්ත අධික රුධිර පීඩනය (Isolated systolic hypertension) නම් වූ තත්ත්වයේදී, සංන්‍යස්ත රුධිර පීඩනය 140 mmHg හෝ එයට වැඩි අගයක් ගන්නා අතර, වින්‍යස්ත රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ (90 mmHg ට වඩා අඩුවෙන්) පවතී. මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන්නේ අවුරුදු 60 ට වඩා වැඩි පුද්ගලයන් අතරය.

ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයා දින කිහිපයකදී අවස්ථා 2-3 ක් ඔබගේ රුධිර පීඩනය මැන බලනු ඇත.

මෙයට හේතුව, දිනයේ වෙලාව අනුව මෙන්ම දිනයෙන් දිනයටද රුධිර පීඩනය වෙනස්විය හැකි බැවිනි. කලාතුරකින් ඇතැම් අයට වෛද්‍යවරයෙක් මුණගැසුනු විට රුධිර පීඩනය වැඩිවනු දැකිය හැක. මෙම තත්ත්වය හඳුන්වන්නේ සුදු කබා අධික රුධිර පීඩනය (White coat hypertension) යනුවෙනි. එමෙන්ම, ඔබේ බාහු දෙකෙහිම රුධිර පීඩනය මැන බැලිය යුතු අතර, බාහු දෙකෙහි දක්නට ලැබෙන අගයන් අතර සැලකිය යුතු වෙනසක් ඇතිදැයි පරීක්ෂාකර බලනු ඇත. රුධිර පීඩනය මැනීමට භාවිතා කරන පටියෙහි ප්‍රමාණය, ඔබේ බාහුවේ ප්‍රමාණයට ගැලපෙන එකක් විය යුතුය.

ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා පැය 24 ක කාලයක් පුරාවට ඔබේ රුධිර පීඩනය වෙනස්වන අයුරු පරීක්ෂා කිරීමට නිර්දේශ කරනු ඇත.

මෙය පරිගාමී රුධිර පීඩන මැනීම (Ambulatory blood pressure monitoring) ලෙස හැඳින්වේ. මෙය දවස පුරා පැළදගෙන සිටින උපකරණයක් වන අතර, නිශ්චිත කාල පරාසයක් ඇතිව පැය 24 ක කාලයක් පුරා රුධිර පීඩනයේ වෙනස්වීම් සටහන් කරගනී. එමනිසා, දිවා රාත්‍රී රුධිර පීඩනයේ වෙනස්වීම පිළිබඳ වඩා නිවැරදි දත්ත ලබාගැනීමට මෙම ක්‍රමය වැදගත් වේ.

ඔබට කුමන වර්ගයේ අධික රුධිර පීඩනයක් පැවතියත්, ඔබේ වෛද්‍යවරයා ඔබේ පෙර රෝග ඉතිහාසය විමසා ඔබව පරීක්ෂාකර බලනු ඇත.

එමෙන්ම, ඔහු හෝ ඇය මුත්‍රා පරීක්ෂණයක්, රුධිර පරීක්ෂණ කිහිපයක්, සහ විද්‍යුත් කන්තු රේඛයක් හෙවත් ඊසීජී (Electrocardiogram or ECG) පරීක්ෂණයක් කිරීමට නියම කරනු ඇත. රුධිර පරීක්ෂණ මගින් මූලිකව රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම, වකුගඩු ක්‍රියාකාරීත්වය, සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බලනු ඇත. ඇතැම් විට, හෘදයේ ස්කෑන් පරීක්ෂණයක් හෙවත් ප්‍රතිධ්වනි කන්තු රේඛයක් (Echocardiogram) කිරීමටද නියම කරනු ඇත.



උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top