මේ හේතුව නිසා හෙට පස්වරුවේ සිට ලබන 06 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ගමන් පහසුව වෙනුවෙන් විශේෂයෙන්ම කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධි කිහිපයකම වරින් වර රථ වාහන ගමනාගමනය සීමා වීමට නියමිතයි. පොලිසිය පවසන පරිදි එම කාලය තුළ පහත මාර්ග භාවිතා කරන රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතුයි..
බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිත මාර්ග
පුස්තකාල හන්දිය සහ ඒ අවට
ගාලුපාර සහ ගාලුමුවදොර වටරවුම
ජනාධිපති මාවත ඇතුළු කොළඹ කොටුව ආශ්‍රිත මාර්ග
හෙට හවස ඉඳන් 06 වැනිදා ඔහු දිවයිනෙන් පිටව යනතුරුම මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබත් මේ දවස්වල කොළඹ නගරය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, සිදුවිය හැකි ප්‍රමාදයන් මඟහරවා ගන්න විකල්ප මාර්ග භාවිතා කිරීම හෝ ගමන කලින් සැලසුම් කිරීම වඩාත් සුදුසු බව පොලිසිය වැඩිදුරටත් මතක් කර සිටිනවා.