මේෂ
රැකියා ලැබීමට හේතුයි
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
කලකින් නොදුටු හිතවත් අයකු හමුවීමට කටයුතු සැලසේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ කටයුතුවලින් දුරස්වීමට සිදුවන කාලයකි. සතිය මැද කාලයේදී සහෝදර මතභේදයක් දුරදිග යා හැකියි. නිතර සමාජ සේවයට යොමුවන කාලයකි.
රැකියාව
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට යොමුවීමට ඉඩ ඇත. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට අත ගසයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනය කටයුතුවලට යොමුවීමට අවස්ථාව උදා කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි පැවැති බාධාකාරි බව මඟහැරේ.
සෞඛ්‍යය
ගතට සිතට වෙහෙස මහන්සිය ඇති කරයි. වරින්වර ඇතිකරන දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. එමෙන්ම පපුව, පෙනහල්ල ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පීඩා ගෙනදෙන සතියකි.
අය 06 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – නිල්
සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘෂභ
වෙහෙසීම් බහුල වේ
සැලසුම් කිහිපයක් සකස්කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ. සතිය මැද කාලයේදි හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක වනු ඇත. වෙහෙසීම් බහුල කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇත.
රැකියාව
කරගෙන යන රැකියාවට අමතර රැකියා මාර්ග යෙදීමට ඉඩ ඇත. හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන් වෙහෙසෙයි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුල රැකිය මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
අධ්‍යාපනය
පොතපත කියවීමට කැමැත්තක් දක්වයි. අතපසුවූ පාඩම් වැඩ කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා කරයි. ගුප්ත විද්‍යාව ප්‍රගුණ කිරීමට කටයුතු සැලසෙන කාලයකි.
සෞඛ්‍යය
සෙම් දෝෂ බහුලවීමෙන් උගුරේ අමාරු, හිසේ ආබාධ ආදිය මතුවිය හැකියි. එමෙන්ම රුධිරගත සීනිමට්ටම කෙරෙහිද සැලකිලිමත්විය යුතු සතියකි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.
අය 07 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – කහ
සුබ දවස – බදාදා
මිථුන
විදෙස් රැකියාවකට සැලසුමක්
පවුලේ කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකරන මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙහෙසකාරි කටයුතු කිහිපයක් යෙදෙන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි. සතිය මැද කාලයේදී අසරණ කෙනෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසෙයි.
රැකියාව
අලුත් රැකියා මාර්ගවලට හේතු සැලසේ. තනතුරු වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. වෙහෙසකාරි ලෙස රැකියාවේ කටයුතු කරගෙන යයි. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ.
අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි. සෞන්දර්යාත්මක කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන මූත්‍රා අමාරු යටිබඩ සම්බන්ධ ආබාධ හේතුවෙන් ප්‍රතිකාර පතයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද මුහුණපෑමට සිදුවන කාලයකි. සති අන්තයේදී සෙම් අමාරුවක් නිසා පීඩාකාරි බවක් ඇතිකරන සතියකි.
අය 07 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – බ්‍රහස්පතින්දා
කටක
රැකියාවෙන් කීර්තිය ගෙනේ
විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුකරන මේ සතියේ සඳු ග්‍රහයා 4,3,6,7 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා කාලයකි. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. පරම්පරාගත දේපළක් හිමි කරයි.
රැකියාව
රැකියාවේ කටයුතුවලින් කීර්තිය, ප්‍රසිද්ධිය ඇති කරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවන කාලයකි.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමට ද වෙහෙසෙන කාලයකි. නව දැනුම සොයායන මාර්ගවල නිරතවන බවක් පෙනේ.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන පපුව, උරහිස, සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම අතේ පයේ හිරිගතිය හේතුවෙන්ද ප්‍රතිකාර පතයි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් විය යුතු සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – බදාදා
සිංහ
තැන්පත් ධනය වැයවේ
වගකීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තැන්පත් ධනය වැයවන සතියකි. පවුලේ අය සමඟ දුරගමනකට සැලසුමක් ඇති කරයි. දේපළ උරුම හිමිකමකට බාධා ඇති කරයි. සිතේ චංචල ගතියකින් කටයුතු සිදු කරයි. ක්ෂණික තීරණ ගැනීමෙන් නොසිතූ පාඩු කීපයක් සිදු කරයි. රහසිගත කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
රැකියා ස්ථානයේ කැපී පෙනෙන කාලයකි. මෙතෙක් අවහිරතා ඇතිකළ රැකියා ස්ථානයේ කටයුතු කිහිපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.
රැකියාව
සංගීතය වැනි කලා අංශයේ කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වයි. ධාරණ ශක්තිය බලවත්ය. නිතර පොතපත කියවීමට කැමැත්තක් දක්වයි. සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි.
සෞඛ්‍යය
පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපෑමට ඉඩ තිබේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම යහපත් වෙයි. සතිය මැද කාලයේදී ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 03
ජය අංකය – 02
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා
කන්‍යා
රහසිගත සබඳතා ඇතිවේ
වගකීම් බහුල කටයුතු කිහිපයක් යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි.
ගෘහ ජීවිතය
දුරදිග බලා කටයුතු කරන කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ක්ෂණික තීරණවලට එළැඹෙන කාලයකි. රහසිගත ප්‍රේම සබඳතාවයක් ඇතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙණුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. ආගම දහමට ළැදිව කටයුතු කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් සැලසුමක් ඇති කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණූ කිහිපයක් සිදු කරයි.
අධ්‍යාපනය
පොතපත ලිවීමට කියවීමට කැමැති කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. අලුත් දේ ඉගෙනීමට කැමැත්තක් දක්වයි. එමෙන්ම තරග විභාගයක් සම්බන්ධයෙන් වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා ගෙන දෙන සතියකි. වරින්වර හදිසි ප්‍රතිකාර පැතීමටද සිදුවේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද මුහුණපෑමට සිදුවෙයි.
අය 07 වැය 06
ජය අංකය – 07
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සඳුදා
තුලා
ජලාශ්‍රිත රැකියා ලාභ
සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගේ දොර කටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයකි. සමාජ සේවා කටයුතුවලින් කැපී පෙනීමක් සිදු කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන සතියකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම වෙනදාට වඩා වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. රැකියා ස්ථානයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි.
අධ්‍යාපනය
මෙතෙක් පසුගාමිත්වයෙන් කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරන බවක් පෙනේ. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට විශේෂ කැමැත්තක් දක්වයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන පපුව සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 03
ජය අංකය – 06
ජය වර්ණය – කහ
සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘශ්චික
නව ව්‍යාපාරවලට සුබයි
වෙහෙසීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තම වාසියට කටයුතු කිහිපයක් සිදුකර ගන්නා කාලයකි. සහෝදර පක්ෂයට වඩා ළැදිව කටයුතු කරයි. විවාහ ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. පිරිසුදුකමට, අලංකාරයට කැමැති කාලයකි. සති මැද කාලයේදි නිවෙසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
විදෙස් රැකියා මාර්ගවලට හේතු සැලසෙන කාලයකි. රැකියාවේ ලියකියවිලි ගැටලුවකට මුහුණපායි. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇතිකරන සතියකි. ක්‍රීඩා හා ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නා බවක් පෙනේ. හදිස්සියේ ඇතිවන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.
අය 07 වැය 03
ජය අංකය – 04
ජය වර්ණය – රතු
සුබ දවස – ඉරිදා
ධනු
ඉදිරි දියුණුවට පියවරක්
ඉදිරි කටයුතු පිළිබඳ සැලකිලිමත්විය යුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වගකීමකින් නිදහස සැලසෙන කාලයකි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර කිහිපයක් ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ලැබීම් හිමිකරන කටයුතු කිහිපයක් යෙදේ. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන කාලයකි.
රැකියාව
රැකියාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් ගැනීමට සිදුවෙයි. සුළු සුළු ලාභ හිමිකරන ස්වයංරැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවල නිරතවන කාලයකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
සෞඛ්‍යය
නිතර නිතර ඇතිවන උදාසීන ගති, අතේ පයේ ඇතිවන හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම , අධි රුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 05
ජය අංකය – 07
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – බ්‍රහස්පතින්දා
මකර
නැතිවූ දෙයක් හිමිවේ
ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12, 1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවෙයි. ළඟම හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන සතියකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට පත්වන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු කෙරෙහි පැවැති අවහිරතා කිහිපයක් මඟහැරී යයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු යෙදෙන කාලයකි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
මූත්‍රා අමාරු, ගර්භාෂගත ආබාධ වරින්වර මතුවීට ඉඩ ඇත. වරින්වර තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.
අය 05 වැය 06
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – සිකුරාදා
කුම්භ
වගකීමකින් නිදහස්
උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි.
ගෘහ ජීවිතය
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වාහන ගනුදෙනුවකට සැලසුමක් ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසේ. පිනට දහමට ළැදි කාලයකි. විශේෂ හිතවත්කමකට අවස්ථාව උදා කරයි. රැවටීම් මුලාවීම්වලට හසුවිය හැකි කාලයක් බැවින් දුරදිග බලා කටයුතු සිදුකරන්න.
රැකියාව
රැකියාවේ කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදු කරයි. හවුල් ව්‍යාපාරයකට අතගසන කාලයකි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට අවස්ථාව සැලසෙන සතියකි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් කාලයකි. දැනුම, බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි.
සෞඛ්‍යය
වරින්වර කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙයි. ආහාරපාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න.
අය 07 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – කොළ
සුබ දවස – ඉරිදා
මීන
නීති ගැටලුවකින් සහනය
අහංකාර ගතිපැවතුම් හේතුවෙන් කටයුතු කිහිපයක් වෙනස්කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. අඹුසැමි ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පිනට දහමට ළැදි කාලයකි. අවිවාහකයන්ට සුබදායකයි. නීති ගැටලුවකින් නිදහස උදා කරයි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සුළු සුළු ස්වයං රැකියාවලට යොමුවීමට අවස්ථාව උදා කරයි. කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
පොතපත කියවීමට වැඩි රුචිකත්වයක් දක්වන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පදිංචි ස්ථානයෙන් පිට වාසයට හේතු ඇති කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. රුධිරගත සීනිමට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණය සම්බන්ධවීමට සිදුවේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය.
අය 07 වැය 06
ජය අංකය – 04
ජය වර්ණය – රතු
සුබ දවස – සිකුරාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..