Qatar Airways හි සේවයේ නියුතු ලාංකික යුවතියක් සිය මුහුණු පොතට එක්කළ සටහනක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා සමග සිටින ඡායාරූපයක් ද ඇය සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ ඇය විසින් මුහුණු පොතට එක්කර ඇති එම සටහනයි...
"යාලුවනේ..!! මම අපේ ජනාධිපතිතුමාව මුණගැහුණා
මම හිටියෙ දෝහා ඉඳන් කොළඹ යන ගුවන් යානයක, මගේ මව් රටට යනගමන්.
ඒ ගැන මම හිටියෙ ගොඩක් සතුටෙන්.
ඊට අමතරව, මට වැඩකරන අතරතුර අපේ ජනාධිපතිතුමාව මුණගැහෙන්න ලැබුණා.
ඔහු අවංකවම හොඳම කෙනෙක්. හරිම කරුණාවන්ත සහ හරිම නිහතමානී පුද්ගලයෙක්.
ඔයා හිතන්නේවත් නැහැ, ඔහු අපේ රටේ ජනාධිපති කියලා.
මම සහ මගේ මිතුරිය ඉමාරා ඔහු සමඟ ඡායාරූපයක් ගන්න හිතුවා.
නමුත් ඔහු සුව නින්දක.ඒ නිසා අපි ඔහු අවදි වන තුරු බලා සිටියා.
අන්තිමට ඔහු අවදිව රීෆෙස් වෙලා එනකල් අපි එළියට වෙලා බලාගෙන හිටියා.
ඔහු එළියට ආවාම, අපි ඔහුට කතා කළා.
ඔහු විනාඩි 15ක් විතර අපි එක්ක කතා කළා.
සමහර විට ඊටත් වඩා වෙලා අපි එක්ක කතා කරමින්, අපිට සවන් දුන්නා.
ඔහු හරිම සන්සුන්වයි කතා කළේ.
අපි මේ කතා කරන්නෙ, ජනාධිපතිවරයා සමඟ බව දැනුනේවත් නෑ.
විනාඩි පහකට විතර පස්සේ, අපේ සුපවයිසර් අපි එයාට කරදර කරනවද කියලා බලන්න ආවා,
එයා හිනාවෙලා කිව්වා, "නෑ, කමක් නෑ, මේ මගේ අය" කියලා.
ඒ මොහොත මට හරිම ආඩම්බරයක් දැනුනා.
මම ගෙදර යනවා, මගේම රටට යන ගුවන් යානයක වැඩ කරමින් හිටියා,
ඒ වගේම මට අපේ ජනාධිපතිතුමාව මුණගැහිලා කතා කරන්න ලැබුණා.
මගේ හදවත අවංකවම ගොඩක් පිරිලා..."
