සක්‍රියව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුර, උතුර මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ත් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑලිය, මහනුවර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.