මේ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තියෙන්නේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවනින නිසා එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ.
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.