ඒ සිද්ධිය අදටත් ඔබට හොඳින් මතකයේ ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ අලුත්ම කතාවයි..
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසැලක් ඉදිරිපිටදී පසුගිය 2 වැනිදා මෝටර් රථයකට අනවසරයෙන් අතුළු වී වයස අවුරුදු 8ක දැරියක් හා දැරියගේ මව බිය ගැන්වීමේ සිදුවීමට අදාළ සැකකරු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්..
මෙම සැකකරු ඉකුත් 2වනදා කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේදී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි දැරියක් පැහැරගැනීමට තැත් කර තිබුණා..
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකළ විමර්ශනයට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ...