පසුගිය සමයේ දැඩි කතා බහට ලක්වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ දියණිය, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා.
ඇය , විද්‍යා විෂය ධාරාවෙන් A සාමාර්ථ 3 ක් ලබාගත් අතර, දිස්ත්‍රික්කයේ 12වැනි ස්ථානයත් දිවයිනේ 357 වැනි ස්ථානයත් ලබා ඇති බව සදහන්.
ඒ අනුව ඇය වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇති අතර 2019 වසරේදී ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක් වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මුහුණ පෑ තත්ත්වය නිසා ඔහුගේ දියණියට පාසල් වරම් අහිමි විය.
ඇය විභාගයට පෞද්ගලික අපේක්ෂිකාවක ලෙස පෙනීසිටි අතර මීට පෙර, ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ද විශිෂ්ට ලෙස සමත් විය.
මේ පිළිබඳ සංවේදී සටහනක් වෛද්‍ය සාෆිගේ දුවට ඉගැන්වූ බණ්ඩාර තිලකරත්න නමැති ගුරුවරයකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබෙනවා.
ඒ මේ සටහනයි…
