විශ්මිත සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන අපූරු පානයක් හදන හැටි තමයි අද කියලා දෙන්න හදන්නේ.. මේ ගුණවත් පානය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරනවා...
ආහාර දිරවීමට සහාය වෙනවා....ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්....සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරනවා.....
බර අඩු කර ගැනීමට සහාය වෙනවා...විටමින් B6 ඉහළ අන්තර්ගතයක් සහිත අඹ, නිසි මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන අතර තෙහෙට්ටුව, ආතතිය සහ කාංසාව වැනි හැඟීම් අඩු කිරීමට උපකාරී වනවා.
මෙම ස්මූති ඔබේ ශරීරය පෝෂණය කරනවා පමණක් නොව, ඔබේ මානසික යහපැවැත්මටද සහාය වීමේ හැකියාව පවතිනවා.රෝග වලින් තොර නීරෝගී ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන ඔබට කියාපු පානයක්...
මේ පානයෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවද කියලා දැන් ඔබට යම් වැටහීමක් ඇති... හරි අපි බලමු කොහොමද මේ පානය හදන්නේ කියලා...
Mango and turmeric smoothie
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
අඹ කෝප්ප 1
කෙසෙල් කෝප්ප 1
යෝගට් 1
කහ ස්වල්පයක්
ඉඟුරු කුඩු ස්වල්පයක්
සෝයා / ආමන්ඩ් කිරි කෝප්ප 1
දොඩම් ගෙඩි 1
හදන්නේ මෙහෙමයි
අඹ සහ කෙසෙල් බ්ලෙන්ඩරයකට එකතු කර සෝයා හෝ ආමන්ඩ් කිරි සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න
ඉන්පසුව එයට යෝගට් , ඉඟුරු කුඩු ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක් , සහ දොඩම් යුෂ එකතු කර නැවතත් බ්ලෙන්ඩ් කරගන්න
අවසානයට යෝගට් එක එකතු කර නැවතත් බ්ලෙන්ඩ් කරන්න
අවශ්‍ය නම් අයිස් එකතු කර පිළිගන්වන්න.
අන්තර්ජාලයෙන්.....