ජීවිතේ ගැන කියාගන්න බැරි තරම් හීන ගොඩක් ඒ පුංචි හිත ඇතුලෙත් තියෙන්නට ඇති.. ඒත් දැන් ඒ හැම දෙයක්ම අතීතයට එක්වෙලා..
මේ කණගාටුදායක පුවත ඇසෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්..
ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියෙකු සහ දියණියක් ගමන් කල යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් දියණිය, ජීවිතක්ෂයට පත්ව, පියා බරපතල තුවාල ලබා තිබෙනවා..
අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසන පරිදි, මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පන්ඩුලගම පිහිටි රජයේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි තරුණියක්..
ඇය එප්පාවල කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි වේලන්ගහමලේ ගෙදර සඳරේකා සුබෝධනී හේමන්ත නැමැති 20 හැවිරිදි තැනැත්තියක්...
පාඨමාලාවකට සහභාගි වීම සඳහා පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී අනුරාධපුර පාදනීය ඒ 28 මාර්ගයේ, කිලෝ මීටර් 79 සහ 80 කණුව අතර ශ්‍රාවස්තිපුර පහේ ඇල හංදිය අසලදී ඊයේ (8දා) මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා..
තලාව දෙස සිට අනුරාධපුර දෙසට එම පියා සහ දියණිය ගමන් කල යතුරු පැදිය ධාවනය කරමින් තිබියදී, එම දිශාවටම පිටු පසින් පැමිණි පෞද්ගලික බස් රථය එම යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා..
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ පසු පදිකාරියවන මරණකාරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළු කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා..
බුල්නෑව තොරණේගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එම බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා..