පසුගිය දිනක මිද්දෙණියේ සිදුවූයේ අහස පොළව නුහුලන අපරාධයක් ...සිය පියා සමඟ පුංචි මල් කැකුළු දෙකක් අකාලයේ මිලිනවී ගියා...
මේ බිහිසුණු ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් මේ වෙනකොට අත්අඩංගුවට ගනිමින් යනවා... මේ කියන්න හදන්නේ ඒ ගැන ලැබුණු අලුත් ආරංචියක් ගැනයි....
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කුට්ටිගල - පදලංගල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදීයි.
39 හැවිරිදි මෙම සැකකරු කුට්ටිගල - පදලංගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මෙම ඝාතනයට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුලු සැකකරුවන් සංඛ්‍යාව 11 ක්.
පසුගිය පෙබරවාරි මස 18 වනදා යතුරු පැදියක ගමන් කරමින් සිටියදී අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ පුතු සහ දියණිය ජීවිතක්ෂයට පත් වුණා.