ඈත අතීතයේ පටන් අපගේ ආහාර වේල රසවත් කිරීමට යොදා ගත් ස්වභාවික රසකාරකයක් ලෙස "රම්පෙ" හඳුන්වා දිය හැකයි..
සහල්වල දුගඳ නැති කර ගැනීමට සහ ආහාර වේල රසවත් කරන්න "රම්පෙ" කොළ කැබැල්ලක් එකතුකර කරගන්න එක අපේ ආහාර සංස්කෘතිය ඇතුළේ සාමාන්‍ය දෙයක්.. තවද ආහාර වර්ග තෙම්පරාදු කර ගැනීමේදී ආහාර රුචිය හා සුවඳ තවදුරටත් වර්ධනය කරගැනීමට "රම්පෙ" වැඩි වශයෙන් යොදා ගන්නවා...
ඒ විතරක් නෙවෙයි, විෂ වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසා පාරම්පරික හෙළ වෙදකමේදීත් "රම්පෙ" ඖෂධ ලෙස යොදා ගෙන තිබෙනවා.. කොහොම වුණත් අද වෙනකොට රම්පෙ භාවිතය ගැන විවිධ කතා ඇසෙනවා.. රම්පෙ පිළිකාකාරකයි කියන එක ඒ අතරින් ප්‍රධානයි.. වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවාස වල "රම්පෙ" පඳුරක් වගා කර තිබීම සුලබව දැකිය හැකියි.. රම්පෙ ගැන ඇසෙන ඒ කතා එක්ක වතුරේ හැදෙන රම්පා පඳුරු පෝෂණය වෙන්නේ කොහොමද කියන එක ඔබ සොයා බැලුවාද..? මේ ගැන බහුලවම නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ එම "රම්පෙ" පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් බවයි.. අතීතයේ දී නම් නාන වතුරෙන් පෝෂණය වූ "රම්පෙ" පරිභෝජනය කිරීම එතරම් ගැටළුවක් නොවුනත් වර්තමානය වන විට එය මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම බලපෑම් කරන කාරනයක් බවට පත්වී හමාරයි.. මෙයට හේතු වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අඩංගු වීමයි.. එම විෂ සහිත සංයෝග පහත ආකාර වලට නාන කාමරයෙන් ඉවත් කරන ජලයට එකතු වෙනවා..
(i). භාවිත කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ගවලින්.
(ii). භාවිත කරනු විවිධ ෂැම්පු වර්ගවලින්.
(iii). හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා විවිධ ඩයි වර්ගවලින්.
(iv). සබන් වර්ග, Face wash වර්ග, නිය ආලේපන.
(v). පිරිසිදු කිරීමට යොදාගන්නා පිරිසිදු කාරක හා සුරතල් සතුන් සඳහා යොදා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය.
ඔබ නොදැනුවත්වම නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ ඉහත සඳහන් කළ රසායනික සංයෝග අන්තර්ගත වෙනවා... මේවා බොහොමයක් පිළිකා කාරක වන අතර ඇතැම් ඒවාගේ මිනිසාට උග්‍ර විෂ සහිත බැර ලෝහ ද අන්තර්ගත වන අතරම, රම්පෙ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්පෙ පඳුරේ පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා..
එම නිසා නිවසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කරන්න..

අන්තර්ජාලය ඇසුරෙන්..