හීන්බෝවිටියා ශාකය ශ්‍රීලංකාවේ පමණක් ඇති ඒක දේශික ශාකයක්..
හීන්බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර තිබෙනවා..
බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ලෝකයේ ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයක්..
ඖෂධීය ගුණාත්මක භාවයෙන් යුතු හීන්බෝවිටියා ශාකයේ කොළ හෙවත් පත්‍ර විශේෂයෙන් අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවක්... එසේම අක්මාව ආශ්‍රිත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප්‍රත්‍යක්‍ෂ හා ප්‍රධානම ඖෂධය වශයෙන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් භාවිතා කරන ඔසුවක්...
අක්මාව ආශ්‍රිත අසාදන හා රෝගීතත්වයන් සමනය කර නිසි ක්‍රියාකාරිත්වයෙන් ප්‍රකෘති තත්වයට පත්කිරීමේ සුවිශේෂ හැකියාවක් හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි ඇති අතර, ඖෂධයක් වශයෙන් හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලදී භාවිත වෙනවා... හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි අක්මාව නීරෝගී සුවයෙන් ආරක්‍ෂා කිරීමේ ප්‍රබල හැකියාවක් ඇතිබව පාරම්පරික වෛද්‍යවරුන් පවසනවා... එසේම පරයේෂණ මගින්ද ඒබව සනාථව ඇති අතර, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ කෘෂි රසායනික වර්ග භාවිතයෙන් වගාකළ ආහාර වර්ග පරිහරණයදී මෙන්ම වෙනත් පරිසර දුෂණ තත්වයන්, ජල අපවිත්‍රවීම් වැනි ගැටලු හමුවේ මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය වන අක්මාව ආශ්‍රිතව ඇතිවන අසාදන, අහිතකර රෝගීතත්වයන් සමනය කර අක්මාව නිරෝගී ක්‍රියාකාරිත්වය ආරක්‍ෂා කර ගැන්මට මේ ශාකයේ කොළ සාරය භාවිතය වඩාත් සුදුසු වෙනවා..
හීන්බෝවිටියා පත්‍ර කොළකැඳ වශයෙන් හා දළු කොටස් ඉතා නැවුම් ප්‍රණිත රසයකින් සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක්කර ගත හැකියි.. මෙසේ විවිධාකරයෙන් හීන්බෝවිටියා කොළ හෙවත් පත්‍ර සහ ලපටි පත්‍ර හෙවත් දළු ආහාරයට ගැනීමේ ප්‍රවණතාව මෑතකාලීනව වර්ධනය වී තිබෙනවා..
හීන් බෝවිටියා ශාකයේ සිහින් කොලය සහ මලෙහි නෙත් කළුවු වර්ණ සංකලනය වන දීප්තිමත් දම් පැහැයත් මලේ රේණුවල කහපැහයත් සහිතව එක යායට දක්නට ලැබෙන විට එය ඉතා චමත්කාර ජනක දසුනක්..
ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශ්‍රීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත් නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදුකළ හැකියි..
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතර මැදි දේශගුණික කලාපයන්හිද දකින්නට ලැබෙන එකම තැනක බහුලව ව්‍යාප්තවූ ශාක විශේෂයක්... හීන් බෝවිටියා ශාකය කුඩා කඳු ගැටිතිවලත්, බෑවුම් වැටි, පාංශු ස්ථිර සහිත ප්‍රදේශ සහ වන ලැහැබ වලද බහුලව ව්‍යාප්තව ඇති අතර, රත්නපුර ශ්‍රීපාදය ආසන්න ගම් ප්‍රදේශවල මාර්ගය දෙපස බහුලව ඇති මෙම ශාකයේ ඉතාමත් සරුවට වැඩුණු මල් පිපුණ සුන්දර දසුන ඒ මාර්ගයේ ස්වභාවික අලංකාරය වර්ධනය කරවන්නක්...
මෙම හීන්බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි වශයෙන් දැකිය හැකියි. එහි පත්‍ර තරමක් රළු ස්වභාවයකින් යුතුයි... මාබෝවිටියා නැතිනම් මහ බෝවිටියා වශයෙන් හඳුන්වන ශාකයේ කොළ හෙවත් පත්‍ර විවිධ ප්‍රමාණවලින් ලොකු, කුඩා වශයෙන් පිහිටියත් හීන් බෝවිටියා ශාකයේ පත්‍රවල සිහින් ඒකකාරී ස්වරූපයක් දැකිය හැකියි.. එකිනෙකට සමාන්තරව සිහින්ව පිහිටි හීන්බෝවිටියා පැළෑටියේ පත්‍ර තරමක් තද ඝන කොළ පැහැයක් ගනියි.. එහි දළු එම පත්‍රවල දැකිය හැකි කොල පැහැයට සාපේක්‍ෂව තරමක් ලාපහැති කොළ පැහැයෙන් යුතු වෙනවා..
හීන් බෝවිටියා ශාකයේ මල මහ බෝවිටියා ශාකයේ මලට වඩා කුඩා ස්වරූපයක් ගනියි.. මෙම ශාක දෙකේම මලෙහි වර්ණය එක හා සමාන ස්වරූපයක් දරයි.. නමුත් එම ශාක දෙකෙහිම පිපෙන මල් දෙස වඩා නිරීක්‍ෂණයෙන් බලනවිට හීන්බෝවිටියා සහ මා බෝවිටියා ශාකයන්හි මල් එකිනෙකින් වෙනස් ස්වභාවයකින් යුතුවන අතරම එම ශාකවල මල් පෙති සහ රේණුවල වෙනස්කම් ඇතිබව දැකගත හැකියි..
හීන්බෝවිටියා ශාකසාර ගුණයෙන් ඉහල ගුණාත්මක අගයකින් යුතු වෙනවා.. හීන්බෝවියා ශාකයේ ඉතා කලාතුරකින් ඇතිවිය හැකි දක්නට ලැබෙන සුදුමල සහිත හීන්බෝවිටියා ශාකය ඖෂධීය ගුණාත්මක භාවයෙන් ප්‍රබල ශ්‍රීලංකාවේම පමණක් ඇති ඉතාම දුර්ලභ හීන්බෝවිටියා ශාකයක්.. මෙය එලබෝවිටියා වශයෙන් හඳුන්වයි..
අක්මාව ආශ්‍රිත රෝගවලදී හීන් බෝවිටියා ශාකයේ මෙහි කොළවල සාරය ඉතා ගුණැති ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් වන අතරම මෑත කාලීනව මිනිස් ශරීරයේ රුධිරගත රෝගී තත්වයන් පාලනය කරන ඖෂධයක් වශයෙන්ද ප්‍රතිකාර සඳහා මේ ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව දේශීය වෛද්‍යවරුන් විශ්වාස කරනවා...